( ෂේන් සෙනෙවිරත්න)
හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20 ක් කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් නියෝග කොට තිබේ .
ආණ්ඩුකාරවරයා එම නියෝගය නිකුත් කොට සිටියේ අද (25) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය .
හන්තාන වත්ත පහල එක්සත් සුබ සාධක සංගමය විසින් ඉදිරිපත් කොට තිබූ ලිපියක් සලකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා එම නියෝගය නිකුත් කළේය .
අධි සංවේදී පරිසර කලාපයක් මෙන්ම ජල පෝෂක ප්‍රදේශයක් ද වන හන්තාන පරිසර පද්ධතිය තුළ පරිසර ආරක්ෂණය පිළිබඳව අවධානය යොමු විය යුතු යැයි එහිදී පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා එම ඉඩම් කට්ටි කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු යැයි ද පැවසීය .
වර්ෂ 1993දී මහනුවර නගරයට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදු වූ බවත් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කන්ද උඩරට පරිසර හානිය බවත් පෙන්වා දුන් ඒ මහතා එම ඉඩම් කට්ටි කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන මගින් විධිමත් වාර්තාවක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලබා දිය යුතු යැයි ද අවධාරණය කළේය .
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් ගුණතිලක රාජපක්ෂ, කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය .
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හන්තානේ ඉඩම් කැබලි කිරීම නවතී