(ප්‍රේමතිලක පෙරමුණ)
ප්‍රාදේශීය සභා, පලාත් සභා පාර්ලිමේන්තු , මෙන්ම ජනාධිපතිවරණක් පැවැත්වෙන ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පෙරලිය 2023 වර්ෂයේදී සිදුවනවා. ලංකාවට කර ඇති හූනියමක් නොවැම්බර් මාසයේදී කපා ඉවත්කරනවා යැයි ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හොරණදී පැවසීය
ජාතික ජනබලවේගය හොරණ මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවකදී ඒ මහතා එසේ පැවසීය
එහිදි වැඩ්දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා "ලංකා ඉතිහාසයේ කිසිවකු නොසිතූ දේශපාලන පෙරළියක ආරම්භය මාර්තු මස 09 වෙනිදා සනිටුහන් වෙනවා.
ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණයේ දී එකඟතාවය පළකර තිබෙනවා ඒ අනුව 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතයි
මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නේ වියදම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කුරුණෑගල පොල්වත්තෙ ආදායමෙන් හෝ බණ්ඩාරවෙල තේවත්තේ ආදායමෙන් හෝ ,මහ බැංකු වංචාවෙන් ඉතිරි වී මහා භාණ්ඩාගාරයට ලබාදුන් මුදල් වලින් නොවේ. ඡන්දය සඳහා වියදම් කරන්නේ ජනතාව කිරි පැකට්ටුවක්, පරිප්පු ටික හාල් ටිකක් භාණ්ඩාගාරයට යන බදු මුදල් .
විශ්‍රාමික කර්නල්වරයෙකු වගේ තනි පුද්ගලයකු දාලා ඡන්ද නවත්තන්න පුළුවන් නම් මේ රටේ ජනතාවට හැම ඡන්දයකදී එක එක පුද්ගලයා වශයෙන් නඩු දා ඡන්ද නවත්තන්න පුළුවන් වෙනවා .එහෙම වුනොත් වසර මිලියන ගාණක් යන යන තුරු මේ රටේ ඡන්දයක් පවත්වන්න ලැබෙන්නේ නෑ
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘හූනියම නොවැම්බර් කපනවා‘‘
සදීෂ් Sunday, 12 February 2023 10:25 PM
හුනියම විතරක් නොවෙයි ඔය කිව මහින්දගේ සහ රනිල්ගේ කටු කන විශ්‍රාමික කර්නල්වත් එදාටම මහා පාරේම කපලා දාන්න වටිනවා.ඔය වගේ කටු සුප්පන හිවල්ලු මේ රටට එපා.
චතුරි Monday, 13 February 2023 01:47 AM
හූනියම. කැපුව ගමන්. ඒක කරපු යකදුරන්ව එදිනම අත්අඩංගුවට ගන්න ඕන. උන්ගේ පවුල් පිටින් අත් අත්අඩංගුවට ගන්න ඕන. සේරම යකදුරන් හදාගත්තු. නීති රීති ඒවා සේරම අයින්කරලා නිතිය රජ කරන්න ඕන. උන්ගෙ තරා තිරම. මැරෙන්න ලගයි. ඒවායින් වැඩක් නැහැ. හොරා කෑවානම් දඩුවම් දෙන්න ඕන. කස පාර හරි නියම කරන්න. ආවගමන් කියන්න එපා හාල් මිල අඩු කෙරුවා ,පරිප්පු අඩු කෙරුවා කියලා. මුලු නඩේම. උන්ගෙ බිරින්දෑවරුන් පවුලේ සැවොම. ගන්බ ඕන. නැත්නම් එකම බණේ අහලා අප්පිරියයි.
ගමනායක Monday, 13 February 2023 02:53 AM
1971 අප්‍රේල් 05 කපපු හූණියමට මොකද වුනේ, හරිගියාද? 1982 හූණියමට මොකද වුනේ, 4.7% හරිගියාද? 87/88/89 අත්තනායක වලවිවෙි හාමු කපපු හූණියමට මොකද වුනේ? 2019 නොවැමිබර් ලපයාගේ අයෝමය සුරතින් කැපුවා හුටස්! 3% Sweet dreams! . අනේ ඉතිං මෙයාට දේශපාලන දිසානතිය හැරෙන්නේ කොහොමද කියල බලාගන්න ඔය මාලිමා පොජ්ජෙන් බෑ. ඒකට තුන්කල් දක්නා නුවණක් තියෙන්න අවශ්‍යයි. සුපිරිසිදු දෑතක් ද තිබිය යුතුයි. ඥානක්කගෙ නෙමෙි චානක්‍ය ගෙ අර්ථ ශාස්ත්‍රයත් බ්‍රහ්ම මූර්තියෙන් කියවන්න වෙනවා. වලේ වැටිචිච එකා වළ කටින්ම ගොඩ එනවා වගෙ මෙි මාතෘ භූමිය අලු කරල දාපු පාදඩයො ලව්වා තමයි මේක කෙළින් කර ගන්න වෙන්නෙ. ඒකට දෑකැත්තයි මිටියයි අතින් අරන් පෙරට වරෙව්! .
Rasiks Monday, 13 February 2023 04:50 AM
ජාජබ ආන්ඩුවක් යටතේ සියලුම පුද්ගලික ජාත්‍යන්තර පාසල්, පුද්ගලික විශ්ව විද්‍යාල, ටියුෂන් තහනම් කර, වසා දැමීම හෝ රජයට ගෙන සැමට සමාන අධ්‍යාපන අවස්ථාද, පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන , පුද්ගලික රෝහල් , චැනලින් තහනම් කර සැමට සමාන සෞඛ්‍ය සේවයක්ද ස්ථාපනය කරනු ඇත.
ranjana Monday, 13 February 2023 07:06 AM
13 ට වගේ ම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව ජනතාව ට කරුණු දැක්වූ අය. පරම්පරාවක් ම විනාශ වුනා ඕවා පිලිගෙන. දැන් බලය ගන්න ඕනැ කරණමක් ගහයි. අපේ පරිප්පු වලින් ගහන බද්දෙන් 8500 ක් තෝරලා නඩත්තු කරන්නලු. ඒ සදහා පක්ශ ප්‍රචාරයට අති විශාල මුදලක්. මේකත් හූනියමක් තමයි..
Buddika Monday, 13 February 2023 07:42 AM
අනුර ,ඕවර් ටෝකින්ග් වගේ නේද ඔයා ?මේගොල්ලෝ දක්ෂ විවේචනයට .ඒත් ඒ හැකියාව වැඩ වලට තියේද?මේ හූනියම ඉවත්කළ යුතුමයි .ඒකේ සැකයක් නෑ.ඒත් ඊට පස්සේ මේගොල්ලෝ මහා හූනියමක් නොවේවි කියන සහතිකය කවුද දෙන්නේ ?මෙයාලාගේ පෙර වැරදි ගොන්නක් තියනවානේ
sharm warnMonday, 13 February 2023 01:17 PM
මේ රටේ ඉන්න මිනිස්සු හැමදාම කළේ... ජවිපයට බැන බැණ 71,88,89 පට්ට ගහගහ හොරුන්ට රට දුන්නු එකනේ.. ඒකට ජවිපය පළි නෑ. ගොබ්බයින් හැමදාම ගොබ්බයින්... ඔවුන් නිසා අනිත් අයගේ දරුවොත් දුක් විඳිනවා.
SanthuMonday, 13 February 2023 06:14 PM
"ඒකට ජවිපය පළි නෑ" කියන්නේ...? හොරුන්ට රට දෙන්න කලින්, ගන්න හපන් කමක් තිබුණාද? තියනවද? ඔය 7, 8 දෙනා අතරේ... ඉන්නවාද? හරි කියලා ඔලුව අත ගාලා බලන්න... ඒකනේ ප්‍රධානම. ඒක කර ගන්න බැරුව විකාර කියවනවා...
Jayasinghe Monday, 13 February 2023 10:41 AM
ජයවේවා දිනුම නියතයි
Bamunuarachchi Monday, 13 February 2023 01:01 PM
අපි ඇල්බීසියා කොටුයි පරණ ටයර් ටිකයි ලැහැස්ති කරන්නම්.
චතුරිMonday, 13 February 2023 05:21 PM
ඊට වැඩිය පහසුයි. ගොබ්බයටයි, මයිනාටයි, බයියාටයි කියලා සුදුවෑන් ටිකක් හොයාගෙන... බේබිලා ටිකකුත් හොයා ගත්තා නම්...!
fairoos Monday, 13 February 2023 01:14 PM
ජයවේවා .... වහල්ලු බයවෙලා හොඳටම
සෙනෙවිරත්න Monday, 13 February 2023 03:30 PM
ජය නියතයි...!
Santhu Monday, 13 February 2023 06:03 PM
දැන් දශක 5 ක් වෙනවනේ කළ හූනියමට අතුරයා රට වටේ යනවා... කොල්ලන් කෙල්ලන් බිලි දිදී...!
sweneMonday, 13 February 2023 08:21 PM
මිනිස්සු හැමදාම වරද්දා ගත්තට මොනවා කරන්නද? බලන්න පාර්ලිමේන්තුවේ ජාජබහි මන්ත්‍රීලා එකා දෙන්නා වුණත් කතා කරන හැටි. හැමදාම හොඳම මන්ත්‍රීලා 10 අතරේ අනුර, හඳුන්නෙත්තිලා ඉන්නවා.. අනික් අය හාල් පාරු ටෝක්ස් දෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකය... එතෙන්ට යන්නේ ප්‍රතිපත්ති, නීති රීති ව්‍යවස්ථා වගේ දේවල් ගැන කතා කරන්න, සම්පාදනය කරන්න. එම කාර්යය ඉතා හොඳට ජාජබ අය කළත්, ජනතාව ඒ අය පරද්දන්න ඡන්දය දීමයි වැරැද්ද... ඒ අයගෙන් වැලි පර්මිට්, කොන්ත්‍රාත්, රක්ෂා නොලැබෙන නිසා හොරුන්ටම ඡන්දය දෙන එක වැරැදියි. රට මේ තත්වෙට වැටුණේ ජනතාවගේ වැරැදි කතිරය නිසයි. මෙවරවත් වෙනස් කරලා බලමු.