IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


හොඳ නායකයෙක් වන හැටි පාසල් දරුවන්ට කියා දෙයි

(යොහාන් භාසුර)

‘ආත්මාර්ථකාමීත්වයෙන් තොරව වගකීමෙන් පිරිපුන් නායකයන් පිරිසක් බිහි කරමු’ යන තේමාව යටතේ කතෝලික පාසල්වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් දෙදින නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

සුබෝධි පූර්ණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වික්ටර් සිල්වා පියතුමන්ගේ සංවිධානයෙන් සහයක පියතුමන් වන අමිල මධුරංග සහ ප්‍රකාෂ් ප්‍රනාන්දු යන පියතුමන්ලා එම වැඩසටහන මෙහෙයවූහ.

මෙම වැඩමුළු තුළ තම තමන්ම හරිහැටි හඳුනාගෙන තමන් තුළ ඇති නායකත්වයේ ගුණාංගයන් තුළ කැපවෙමින් එකිනෙකා අතර සම්බන්ධතාවයන් දියුණු කරගෙන නායකත්වයේ වගකීම් යුතුකම් තේරුම්ගෙන නායකත්වයේ ගුණාංග ප්‍රගුණ කරන ආකාරය හුරුකළ බවත් භාවනායෝගීව සිත් පාලනයෙන් යුක්තව දහමට ළැදිව එකිනෙකාගේ මතයන්ට අදහස්වලට ගරු කරමින් පෞරුෂත්වය වැඩිදියුණු කිරීම පුහුණු කළ බවත් සංවිධාකයෝ පවසති.

මම යන මමත්වයෙන් මිදී පරාර්ථකාමී නිහතමානී සැබෑ නායකයින් පිරිසක් බිහි කිරීම අරඹයා මෙම වැඩමුළු ක්‍රියාත්මක කළ බවද සංවිධායකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.

මොරටුව ශාන්ත සෙබස්තියන්, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන ශාන්ත ජෝශප්, නුගේගොඩ ශාන්ත ජෝන්, කොටහේන ශාන්ත බෙනඩික්, පයාගල සිරිකුරුස, කළුතර සිරිකුරුස, මීගමුව ලොයොලා සහ එඬේරමුල්ල ශාන්ත ජෝශප් යන විදුහල් නියෝජන කරමින් ශිෂ්‍ය නායක දරුවන් 69 ක් පළමු දිනයේ වැඩසටහනට සහභාගි වූහ.

මීගමුව ආවේ මරියා, මීගමුව ලොයලා, පයාගල සුරදූතික බාලිකා, බම්බලපිටිය පවුලේ, පානදුර යහපත් එඩේරාගේ, කොටහේන යහපත් එඩේරාගේ සහ කොළඹ ශාන්ත බි්‍රජට් යන කන්‍යාරාම නියෝජනය කරමින් ශිෂ්‍ය නායිකාවන් 45 ක් දෙවැනි දිනයේ වැඩසටහනට සහභාගි වූහ.

 



අදහස් (0)

හොඳ නායකයෙක් වන හැටි පාසල් දරුවන්ට කියා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘
2025 අප්‍රේල් මස 27 90 0

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම


විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 334 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 677 0

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි
2025 අප්‍රේල් මස 27 949 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 223 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 1058 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 910 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 398 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 555 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site