IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හම්බන්තොට අක්කර 2000ක කීරි සම්බා වවනවා

(අංජුල මහික වීරරත්න)

ලබන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 2000ක කීරි සම්බා වගාව ව්‍යාප්ත කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙවර කුඩා හා මධ්‍යම සහල් මෝල් අයිතිකරුවන් මගින්  වී මිල දී ගැනීම රජයේ වැඩ පිළිවෙළ බව කී අමාත්‍යවරයා ඒ සඳහා ඔවුන්ට රුපියල් මිලියන 25 සිට 50 දක්වා වූ ඔඩපන ණය මුදලක් රජය ලබා දෙන බව සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ණය ගන්නේ නැතිව මණ්ඩලය  සතු මුදලින් වී මිල දී ගන්නා බව කී අමරවීර මහතා මේ නිසා පසුගිය කන්න දෙකෙදීම වී අලෙවි මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට පත් කරන්නට හැකි වූ බව සඳහන් කළේය. 

මෙවර ද වී අලෙවි මණ්ඩලය ඔවුන් සතු මුදල් වලින් යම් වී ප්‍රමාණයක් මිල දී ගැනිමට කටයුතු කරනව බවද අමාත්‍යවරයා පැවසීය.

වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කුඹුරු අක්කර 500ක ආරම්භ කළ කීරි සම්බා වී වගා ව්‍යාපෘතියේ අස්වනු නෙලීමෙි ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අගුණකොළපැලැස්ස අලුත්වැව කුඹුරුයායේ දී අස්වනු නෙලීම ඇරැඹිණි.

වී අලෙවි මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ගොවි බාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ගොවීන් 300කට අක්කර 500ක වගා කිරීම සඳහා කීරි සම්බා බීජ වී හා අනෙකුත් කෘෂි යෙදවුම් නොමිලයේ ලබා දීමට පියවර ගත්තේය.

 



අදහස් (1)

හම්බන්තොට අක්කර 2000ක කීරි සම්බා වවනවා

Pradeep Kumara Sunday, 21 July 2024 05:39 PM

හොඳ වැඩක්, නමුත් අමතක නොකර පිදුරු ටික තමන්ටත් ටිකක් තියාගෙන මැදමුලනටත් යවන්න. එයාලත් ආස ඇති කීරි සම්බා පිදුරු වලට...

:       3       7

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1551 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1340 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2095 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2406 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 567 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1143 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35897 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site