IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘හැමෝම පිළිගන්න අගමැති කෙනෙක් නම් කරන්න‘‘

(අංජුල මහික වීරරත්න)

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාට අද(13) දැනුම් දුන්නේය.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද දැනුම් දුන්නේය.

එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඉකුත් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක දී ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බවයි.

 



අදහස් (33)

‘‘හැමෝම පිළිගන්න අගමැති කෙනෙක් නම් කරන්න‘‘

chandima Wednesday, 13 July 2022 08:49 PM

ඒ පත්කිරීම ඒගොල්ලෝ කරගනීවි. ඉස්සර වෙලා හැමෝම පිළිගන්නේ නැති ඔබතුමා අයින්වෙලා ඉන්න. මතක තියාගන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන උන්නාට මේ රට බූදලයක් නොවන වග... ඒ උන්නු කාලෙට පඩියකුත් ගත්තනේ නේද?

:       0       0

chandima Wednesday, 13 July 2022 08:55 PM

අනේ පිනෝ...!

:       0       0

karolis Wednesday, 13 July 2022 09:12 PM

එහෙම කෙනෙක් ඉතින් කනත්තකින් තමා උස්සන් එන්න වෙන්නේ

:       1       36

සුරංග Thursday, 14 July 2022 12:55 PM

සහතික ඇත්ත පාර්ලිමේන්තුවේ සිටින 225 අතරේ එකෙකුට එකෙක් නැහැ. ඔක්කොම බලයට කෑදරකමෙන් ඉන්නේ. ඔය මහලොකුවට කියවන අනුර, සජිත් කවුරුවත් බලය ගන්න බයයි. මොකද අරගෙන කරන්න රටේ කිසිම සම්පතක් රාජපක්ෂලා ඉතිරිකර නැහැ. අලුතින් කෙනෙක් ආවත් සතියකින් කරන්න බැරිවුණොත් පෙරෙට්ටුවන් ආයෙමත් අරගල කරනවාමයි.

:       1       14

ab Wednesday, 13 July 2022 09:14 PM

අනුරකුමාර දිසානායක අගමැති කරනේනම්, එසේ කිරීමට පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ. කණ්ඩායම් 3නම එකගත්වයකට / එක මතයකට පැමිණිය යුතුවේ.

:       10       25

ab Wednesday, 13 July 2022 09:15 PM

අනුරකුමාර දිසානායක අගමැති කරනේනම්, එසේ කිරීමට පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ. සහ අරගලකරුවන්ද එකගත්වයකට / එක මතයකට පැමිණිය යුතුවේ.

:       9       8

lakvidu Wednesday, 13 July 2022 09:18 PM

දශක දෙකකට වඩා නායකත්වය දරා තමන්ගේ පක්ෂය ඉතිහාසයේ අන්තම පරාජය දක්වා මෙහෙයවූ මහා නායකයාණෝ...!

:       0       0

Lalith Wednesday, 13 July 2022 09:20 PM

ඔයා යන්නකො ඉස්සෙල්ලම

:       18       37

chandima Wednesday, 13 July 2022 11:02 PM

විපක්ෂයේ හැම පක්ෂයක්ම කැමැති වෙන කෙනෙක් තෝරන්නේ කොහොමද? රනිල්ගේ පක්ෂයෙන් ඉන්න එයා විතරයි. එයාගේ නම නොදැම්මොත් එයා විරුද්ධ වෙනවා. එතකොට හැම කෙනෙක්ම කැමැති වෙන කෙනෙක් හොයන්න වෙනවා. අන්තිමේ වෙන්නේ අනිත් හැමෝටම එයට කැමැති වෙන්නයි.

:       0       0

Laksitha part Wednesday, 13 July 2022 11:56 PM

ඔයා එපා...

:       0       0

දාස Thursday, 14 July 2022 03:23 AM

කවුරුත් පිලිනොගන්න ජනාදිපතියෙක් කියනව කවුරුත් පිලගන්න අගමැතියෙක් ගේන්න කියල

:       13       42

Kumara gunasinghe Thursday, 14 July 2022 04:20 AM

රනිල් කියන්නේ වැඩ බලන ජනාධිපතිවරයායි... ඔහු අගමැති වරයායි. තවත් අගමැතිවරයෙක්ව පත්කරන්නේ කොහොමද?

:       0       0

Rocky Thursday, 14 July 2022 05:32 AM

ඔබත් ‘‘හැමෝගේම පිළිගැනීමට ලක්වූ කෙනෙක්ද?

:       0       0

ජගත් ලියනගේ Thursday, 14 July 2022 07:05 AM

ඒ වගේම රටේ බහුතරයක් කැමැති ජනාධිපති කෙනෙක් පත් වෙන්නත් ඕනේ .

:       5       36

Sunil Thursday, 14 July 2022 07:45 AM

හැමෝම පිළිගන්න අගමැති කෙනෙක් කෙසේ වුවත්, දිගුකලක සිට හැමෝම ඔබව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ... ඒ නිසා ජනතාව තවත් පීඩාවට පත් නොකර, හැකි ඉක්මණින් ඉවත් වෙන්න.

:       0       0

Anura Thursday, 14 July 2022 08:57 AM

ඔක්කොටම කලින් සියලුදෙනා පිළිගන්න නායකයෙක් ජනාදිපති කරන්න , රනිල් කියන්නේ ජනතාව ප්‍රතිෂේප කරපු දේශපාලන පක්ෂ නායකයෙක්

:       10       34

Jagath Thursday, 14 July 2022 09:46 AM

අනු. කුමා - මේ ඔයාගෙ වාරයයි. සජිත් - එන්න අභියොග බාරගන්න. එස්. එෆ් - පෙන්නන්න ඔබේ හැකියාව පාඨලී- මේ ඔයාගෙත් අවස්ථාවයි

:       3       16

Hiran Thursday, 14 July 2022 10:00 AM

ජනාධිපතිවරණයකින් හෝ මහමැතිවරනෙකින් ජනාධිපතිවරයෙක්ට හෝ රජයකට වසර 5 කට බලය ලැබුනම ව්යවස්ථාව සහ නීතිය අනුව වසර 5ක් යනකන් ඒ බලය තිබෙනවා. ඒ අතරතුර කාලෙ වෙනස් වන ජන මතය අනුව ඒ බලය වෙනස් වෙන්නේ නෑ. ජවිපෙට ගියපාර ඡන්ද ලක්ෂ 3-4ක් තිබ්බා. ඒ ඡන්දෙ දීපු පිරිසට තව සුලු පිරිසක් එකතු වේලා කොළඹට ආවා කියලා ලක්ෂ 70ක ජනවරමක් තිබෙන ජනාධිපති කෙනෙක් ඉවත් වෙන්න ඕන නැහැ.

:       37       23

මසිරිපාලThursday, 14 July 2022 01:03 PM

ඇත්ත, නමුත් මෙහි අරගලය කරන්නේ ජෙප්පන් වෙන්න බැහැ. මෙතන අරගල කරන්නේ කවදා හෝ කිසිම ජනමතයක් නැති මුදලාලිගේ ඇතුළු පෙරෙට්ටුවන් කියලා පේනවා. දැන් කරන්න ඕන ඉක්මණින් ජනතා මතය විමසා බැලීමට මැතිවරණය පැවැත්වීමයි. එහෙම වුණත් ඒක පූර්වාදර්ශයක් වුණොත් රටට විනාශයක් වෙනවා.. 

:       1       7

hesaThursday, 14 July 2022 05:39 PM

ඒ 70 ත් ඉන්නවා ඒ රජයට අකැමැති අය. නමුත් මේ අරගලයට රටේ විනාශයට සහායට අකැමැති අය. මිනිස්සු අකුදිට කැමැති නම් අවුරුදු 50ක් තිස්සේ බලන් ඉඳීවිද?. පේනවනෙ ඉලක්කම් බැස්ස ලස්සන...!

:       0       2

සුගතන් පරකඩුව Thursday, 14 July 2022 10:34 AM

දෑහිතකාමීන් කොහොම කිව්වත් වාසුගේ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් තවමත් කියන්නෙ මහින්ද මහත්තෙයා හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා එහෙම එවුන්ට මහින්දගේ කෙරුවාවල් නිසා රටට මෙහෙම වුනා කියලා තේරුම් ගන්න අමාරුයි

:       10       27

Gag Thursday, 14 July 2022 10:42 AM

රට අරාජික කරන්නැතුව ඔහේ අයින්වෙනවා හලෝ !

:       18       33

ranjith Thursday, 14 July 2022 10:47 AM

අවුරුදු 5 කට බලය දුන්නට අවුරුදු 2 කින් වන්චාවෙන් දූශනයෙන් රට බන්කොලොත් කරල ජනතව පාරට ඇදල දැම්මහම එතිරි අවුරුදු ටික රට විනාස කරන්න ඉඩ දෙන්න කියලද මෙ සමහරු කියන්නෙ.

:       4       23

Kanthi Thursday, 14 July 2022 11:27 AM

ඔබට කිසිම ජනවරමක් නෑ ඔය පාර්ලිමේන්තුවේ කිසිම තනතුරක් දරන්න.කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදට හිසනමා ඔය දරන තනතුරු වලින් අයින් වෙන්න.මුළු ලෝකයම ඔබ දෙස බලා සිටී.

:       7       17

Indika Thursday, 14 July 2022 11:28 AM

මෙයාගේ කට ඇරියොත් තියෙන්නේ ව්‍යවස්ථාව. ඔය ව්‍යවස්ථාව හැදුවේ බලලෝභී කුණු දේශපාලකයෝ වුනාට හදන්න බලය දුන්නේ ජනතාව. ව්‍යවස්ථාවකින් වෙන්න ඕනේ ජනතාවට හොඳක් මිසක් තුප්පහි දේශපාලක කාලකන්නින්ට හොඳක් නෙවෙයි. එතකොට මේ ව්‍යවස්ථාවෙන් ජනතාවට වෙලා තියන හොඳ මොනවද? රනිල් වගේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කාලකන්නින්ට ජනාධිපති තනතුරටම එන්න පුළුවන් නම්, ඕන ඕන වෙලාවට තමුන්ට ඕනේ විදියට එක හරවන්න පුලුවන්නම්, ජනතාව එපා කියන පාලකයෙක් යවන්නත් බැරි නම් ඕක සත පහකට වැඩක් නැති ලියවිල්ලක් නෙවෙයිද? එකක් මතක තියාගන්න. නීතියයි ව්‍යවස්ථාවයි තමුන්ට ඕනේ විදියට අර්ථකතන දීලා වංගු ගහලා බලයේ ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි. හැබැයි මේ ඔක්කොම ස්වභාව ධර්මයට යටයි. රාජපක්ෂ ලා සුදු රෙදි පොරවාගෙන මුළු රටම අන්දලා වැඩ කලේ. අද එකෙකුට එලියට බහින්න බෑ. වෙන රටකටවත් යන්න විදියක් නෑ . හැංගෙන්න වෙලා. මෙයා නවතින්නේ ඊට එහා දෙයක් කරගෙන. ඕවා තමා දිට්ඨ ධම්ම වේදනීය කම්ම. රනිල් පොත් ළඟ තියාගෙන හිටියට කියවපු බවක් නම් පෙන්නේ නෑ. අනිත් එක මාමගේ (J .R ගේ) නම් වලටත් එක්ක හෙන ගහන්න ඕනේ බලලෝභී කමට මේ වගේ කුණු ව්‍යවස්ථාවක් ගෙනත් මුළු රටක් ම වල දැම්මට.

:       5       20

මොට්ටපාල Thursday, 14 July 2022 01:11 PM

ඉන්දික කියන්නෙත්, අරගලකරුවන් කියන්නෙත් 225 එපා වෙන එවුන්ට බලය දෙන්න කියලා. සමහරක් එවුන් කියනවා ජාතික ලැයිස්තුවේ එකෙක් හරි, කීපදෙනෙක් අයින්වෙලා අරගලකරුවන් පත්කර ඔවුන්ට තනතුරු දෙන්න කියලා... එතකොට ඔවුන්ට ජනතා කැමැත්ත ලැබෙන්නේ කොහොමද.. මේවා හොඳ නැහැ... මම තමයි හොඳ කියන හිට්ලර් න්‍යාය... කොහොම හරි අරගලයින් කියන ලෙසට රටේ ලේ ගංගා ඇතිවෙන්න පුළුවන්...!

:       4       6

Soma dubayi Thursday, 14 July 2022 11:29 AM

අපි හැමෝම පිළිගන්න මේ තනතුරට සුදුසුම පුද්ගලයා ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා.

:       18       4

kamal Thursday, 14 July 2022 11:35 AM

ප්‍රජාත්රන්ත්‍රවාදේ කියන්නේ බහුතරයට හිස නමනවා මිසක් හැම දෙනාම සන්තෝස කිරීම නෙමෙයි .

:       3       15

amila Thursday, 14 July 2022 11:47 AM

රනිල් යටතේ කිසිම තනතුරක් බාර ගන්න එපා අනුර. අහු වෙන්න නම් එපා.

:       0       10

fairoos Thursday, 14 July 2022 12:10 PM

ඉස්සෙල්ලාම ඔබතුමා අයින් වෙන්න...!

:       1       9

hesa Thursday, 14 July 2022 05:12 PM

මේ සෙට් එකට තවම බැරි වුණානේ කතාව තිබුණාට මහජනතාවගේ කැමැත්ත ගන්න විපක්ෂයටවත් එන්න... රනිල් බිංදුවටම බැහැලා. ඒත් දක්ෂ කපටිකමත්, ජාත්‍යන්තර පිළිගැනීමත්, දැනුමත් නිසා හැන්ඩ්ල් කරනවා.

:       0       5

hesa Thursday, 14 July 2022 05:15 PM

ගිලුණු රට ගොඩට අදින්න කිසිවෙකුට අවශ්‍ය නැහැ. නායකත්වය ගන්න පොර බදනවා ඇරෙන්න. ජූලි අවසන් වෙද්දි දෙයක් නම් වෙයි කියලා නිකම් හිතෙනවා.. මතක තියාගෙන ඉමු නේද බලන්...?

:       0       3

sharm warn Friday, 15 July 2022 08:45 AM

කවුරුත් පිළිගන්න ජනාධාපති කෙනෙක් අපිට ඕනෑ... රටම ප්‍රතික්ෂේප කරපු පාදඩ, බංකොළොත් දේශපාලකයෙක් නෙවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 678 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5002 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1863 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 748 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4064 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3079 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site