ඉන්දියාවේ, උත්තරකාන්ද් පළාතේ, ජෝෂිමාත් නමැති කුඩා නගරය ගිලා බැසීමට පටන්ගෙන ඇති බවත්, නගර වැසියන් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ වී ඇති බවත් වාර්තා වේ.
ජෝෂිමාත් යනු වන්දනාකරුවන් අතරේ ජනප්‍රිය කුඩා නගරයකි. උත්තරකාන්ද් බලධාරීන් උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය පවසා ඇත්තේ නගරයේ නිවාස 600 කට වැඩි ගණනක සහ ගොඩනැගිලිවල දහසකට ආසන්න ගණනක දරුණු ලෙස ඉරි තැලීම් දකින්න ලැබෙන බවය.
නගරයට දිවෙන සියලු මාර්ග ඉරි තැලීම්වලට ලක් වී අබලන් තත්ත්වයේ පසුවෙයි.
ජෝෂිමාත් නගරය ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 1,899 ක් ඉහළිනි. මෙම නගරය වඩාත් ප්‍රසිද්ධ හිමාල අඩවියට නන්දෙසින් පැමිණෙන හින්දු සහ ශීක් බැතිමතුන් අතරේය.
නගරය ගිලා බැසීම ආරම්භ වී ඇතැයි සැලවුණු සැණින්, ඉන්දීය ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශසීමා ආරක්ෂක සෙබළුන් නගරයට යැවූ බව ඉන්දීය මධ්‍යම රජය පවසා තිබේ.
ජෝෂිමාත් නගරයේ ජනගහනය 25,000 කි. නිවාස සහ ගොඩනැගිලිවලින් ඉවත් කෙරුණු පිරිස ප්‍රජාශාලා, පාසල් සහ හෝටල්වල රැඳී සිටින බව වාර්තා වේ.
ජෝෂිමාත් නගරය ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කිලෝ මීටර් 490 ක් දුරිනි. ඉන්දීය හමුදාවේ විශාල හමුදා කඳවුරක් ද ජෝෂිමාත් නගරය ආසන්නයේ පිහිටා ඇත.
ජෝෂිමාත් නගරය අයත් පළාත මායිම් වන්නේ චීන දේශසීමාවටය. චීනය එම දේශසීමාවේ ඔවුන්ට අයත් ප්‍රදේශයේ ඉදිකිරීම් සහ කැණීම් සිදු කරයි. චීන ඉන්ජිනේරුවන් ජල විදුලි බලාගාරයක් ඉදි කරන බව ද පැවැසෙයි.
මෙම ඉදි කිරීම් කටයුතු හේතුවෙන් තම නගරය ගිලා බැසීමට ලක් වී ඇති බවට ජෝෂිමාත් වැසියෝ චෝදනා නගති.
(එන්.ඩී.ටීවී)
ශ්රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිමාලය පාමුල ඉන්දීය නගරයක් ගිලා බහිනවා
Perera Tuesday, 10 January 2023 10:55 AM
අපේ මුළු රටම ගිලා බැහැලනෙ.
sharm warn Tuesday, 10 January 2023 11:06 AM
ආ චිනෙ ඉන්නවද අහල පහල.. එහෙනම් ඉතින් ගිලා බැහැලා විතරක් ඉතුරු වුනොත් මදෑ..
Hafeel Tuesday, 10 January 2023 03:48 PM
කෝ අපිට අනවශ්‍ය බලපෑම් කරන ඉන්දියාව, චීනුන්ට බය වෙලා. 1987 දී අපේ ගුවන් සීමාව උල්ලංගනය කරමින් පරිප්පු දාල යුද්ධය දිග්ගසුවා. එදා ඉන්දියාව ලංකාවේ ත්‍රස්තවාදය පෝසත් කළා වගේම, අද ඉන්දියාව අපේ පාලකයෝත් එක්ක රටේ ආර්ථිකය වට්ටන්න බලපෑම් කරනවා. පාස්කු ප්‍රහාරයේ පිටි පස්සෙත් ඉන්දියාව ඉන්නවා. ඒ නිසා චීන හෝ කොව්රු හරි ඉන්දියාව මට්ටු කලයුතුයි .