(විමුක්ති එස් රුද්‍රිගු)
ඝාතනයට ලක්වූ හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ නැවතී සිටි නෙෂාට් ආගන්තුක නිවසේ බෝම්බ ඇටවීමේ සිදුවීමට සැකපිට 24 දෙනකුට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ටෙහෙරාන් නුවර ඔහු නවාතැන්ගත් නෙෂාට් ආගන්තුක නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඉහළ පෙළේ ඉරාන බුද්ධි නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටින බව එම පුවත්පත සඳහන් කළේය.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දැඩිව ආරක්ෂාව සැපයූ නෙෂාට් ගොඩනැගිල්ලට නවාතැන් ගැනීමට පැමිණි අමුත්තකු ඉරාන ජනපති දිවුරුම්දී පැය කීපයක් ගතවීමට මත්තෙන් ඝාතනයට ලක්වීම එරට ආරක්ෂක තත්වය දැඩිව උල්ලංඝනය වීමක් ලෙස ඉරාන රජය සලකන බවත් ඒ හේතුවෙන් ඉරානය මෙම සිදුවීමට දැඩිව ප්‍රතිචාර දක්වන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.
හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ පසුගිය බදාදා අලුයම 2 ට පමණ නෙෂාට් ගොඩනැගිල්ලේ ඔහු නැවැති සිටි ආගන්තුක නිවසට පැමිණි අවස්ථාවේදී බෝම්බයක් පිපිරීමෙන් ඝාතනයට ලක්විය.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමාස් නායක නිවසේ බෝම්බ ඇටවූවාට 24 ක් අත්අඩංගුවට
Gamma Saturday, 03 August 2024 08:52 PM
කලින් කිව්වා ගුවන් ප්‍රහාරයකින් කියලා....ඊට පස්සෙ කිව්වා මාස ගානකට කලින් කාමරයට සවිකරලා තිබිච්ච බෝම්බයක් remote control එකකින් ක්‍රියාත්මක කරලා කියන මතයක් ප්‍රකාශ කලා....දැන් IRGC එකෙන් කියනවා short range airborne projectile එකකින් ලු ඝාතනය කරලා තියෙන්නෙ.... හරියටම ගහපු විදිය Mozart එකෙන් කියන්නෙ නැති නිසා... අපිට සත්‍ය දැනගැනීමට තියෙන අයිතිය උල්ලංඝනය වෙනවා හොඳේ.
kasun Sunday, 04 August 2024 12:05 AM
හමාස් කියන්නේ ත්‍රස්ත සංවිධානයක් නේද ?ඉතින් මැරුවම මොකද මුන්ව