IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමතුමක් දී සුබ පැතුවේය.

ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්මවීට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන කමලා හැරිස් පවසා ඇත්තේ, ගාසා තීරයේ හමාස් සටකන්කාමීන්ට එරෙහිව යුද්ධය නැවැත්වීමට මෙය හොඳ අවස්ථාවක් බවය.

යාහ්යා සින්වාර් සිත්පිත් නැති ත්‍රස්තවාදීයකු බවත්, ඔහුගේ මරණය සැමට අස්වැසිල්ලක් වනු ඇති බවත්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලේනා බර්බොක්, ඉතාලි විදේශ ඇමැති ඇන්තෝනියෝ ටජානි නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.

හමාස් නායක යාහ්යා සින්වාර් මියයෑමෙත් සමඟ හමාස් ග්‍රහණයේ පසුවන සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් බ්‍රසල්ස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත්තේ, යාහ්යා සින්වාර්ගේ මරණය ගැන දුක් වන කිසිවකු නොමැති බවය. 

‘පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ඒ කුරිරු ප්‍රහාරය පසුපස සිටියේ හමාස් නායක යාහ්යා සින්වාර්ය. ඔහු මරා දැමීමට ඊශ්‍රායල හමුදා කටයුතු කිරීම ගැන ආඩම්බරයි.’ යැයි එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හේලි පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි

ඔබේ අදහස් එවන්න

දියත

චිත්‍රපට සංස්ථාවේ - පදනම් ආයතනයේ නව සභාපතිවරු පත්වෙති
2024 ඔක්තෝබර් මස 18 125 0

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අ


ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න සැරසෙයි
2024 ඔක්තෝබර් මස 18 228 0

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට
2024 ඔක්තෝබර් මස 18 232 0

තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුව


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කරයි
2024 ඔක්තෝබර් මස 18 1012 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු


දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 814 3

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට
2024 ඔක්තෝබර් මස 18 2155 2

ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site