IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හොරකම් වහගන්න කෝප් සභාපතිකමට ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් පත්කරගෙන

(ඩයනා උදයංගනී)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර් ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති තතනතුර සඳහා ආණ්ඩු පක්‍ෂයේම මන්ත්‍රීවරයකු පත්කරගෙන ඇත්තේ ආණ්ඩුව විසින් සිදුකරන වංචා, දූෂණ සහ හොරකම් හෙළිවීම වළක්වාගැනීමේ අරමුණින් විය යුතු බව එම තනතුර සඳහා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් කර සිටි පාර් ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය.

එම කමිටුව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් පත්කර සිටින සෙසු පිරිසේ නම් දෙස බැලීමේදීත් ඒ බව තහවුරු වන්නේ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෝප් කමිටුවේ සභාපතිධූරය සඳහා පත්වූ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ගැන තමන්ට පෞද්ගලික මතවාදයක් නැතත් මෙවැනි කමිටුවක සභාපතිධූරය විපක්‍ෂ මන්ත්‍රීවරයකුට හිමිවිය යුතු බව ද හෙතෙම කීය.

කෝප් කමිටුව පත්කෙරෙන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ, වංචා, හොරකම් හා වැරදි කළමනාකාරීත්වයන් ආදිය සම්බන්ධයෙන් සොයාබැලීමට බවත්, එම වැරදි සිදුවන්නේ පාලක පක්‍ෂයෙන් බැවින් කමිටු සභාපතිධූරයට විපක්‍ෂ මන්ත්‍රීවරයකුට ලබාදීම මූලධර්මය වියයුතු බවත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

තමන් නියෝජනය කළ ආණ්ඩු මගින් මෙම තනතුර ලබාදුන්නේ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට බවත්, පාර්ලිමේන්තු කමිටුවල බහුතර නියෝජනය හිමිවන්නේ ආණ්ඩු පක්‍ෂයට බැවින් ඡන්ද පවත්වා මෙම තනතුරු විපක්‍ෂයට ලබාදිය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (9)

හොරකම් වහගන්න කෝප් සභාපතිකමට ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් පත්කරගෙන

SUNIL MILANO Thursday, 06 October 2022 09:43 PM

අනුන්ට හොරු හොරු කියන්නේ තවත් කම්බ හොරෙක්.

:       115       14

කෝරලගේFriday, 07 October 2022 07:39 AM

රටටම කැඳත් නැති කරපු සර්ව බලයට ගේන්න මිලානෝ හිටපු මරි මෝඩ මිනිස්සු තාම ඉන්නවානේ. අවුරුදු දෙකට සර් මුළු රටම පොළොවට සමතල කරලා විනාස කරපු එකට රටේම මිනිස්සු එකතුවෙලා රටින්ම එලවලා දැම්මා. දැනුත් මේ කරන්න හදන්නේත් එරාන් මන්ත්‍රීතුමා වගේ අවංක අයටත් අපහාස කරලා ආණ්ඩුවේ කම්බ හොරුන්ට බලයට එන්න උදව් කරන එක...

:       3       5

පිටරැටියා Friday, 07 October 2022 01:15 PM

දූෂිත පවුල් පාලනේ උදවිය තරම් මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ කරපු අය වෙන ඉන්නවාද? රටම වලපල්ලට ඇදලා දාපු... දූෂිත දේශපාලුවන්ට කඩේ යන වහල්ලු තවමත් ඉන්නවා.

:       2       1

Saththaya Thursday, 06 October 2022 09:48 PM

දැන් වහන්න දෙයක් නැහැ , ජනතා මතය ඔක්කම හොරු කියලයි . පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ කෑම කාල එන්න . රට බංකොලොත් වෙනකල් නිදාගෙන ඉදල,දැන් බලය ගන්න පොරකනවා ජනතාව මැරෙන්න වැටිලා තියෙද්දී .

:       5       63

beau Thursday, 06 October 2022 10:51 PM

කපුටා තව කපුටෙක් දාගෙන. හොරකම් සහ ගසාකන කපුටන් දැන් සොයන්න බැරියැ.

:       1       129

චන්දිම ෆොන්සේකා Friday, 07 October 2022 09:07 AM

ඔය සභාපති තනතුරට පත් කරගෙන ඉන්න මනුස්සයා පහුගිය කාලේ පුරාවට දීපු පුස් ටෝක් දිහා බැලුවහම නම් මට මතක් වෙන්නේ ටී. ජී. ඩබ්ලිවු ද සිල්වා මහත්මයාගේ කෙටි කතාවක සඳහන් වුනු මහාචාර්ය ඔල්මොරොන්දන් කියන චරිතය. හරියටම මෙයා එකට මැච් වෙනවා.

:       1       6

SUNIL MILANO Friday, 07 October 2022 12:39 PM

කෝරලගේ මහත්තයෝ.. පඬිවදන් දෙන්නට පෙර.. තමුන්ගේ ඔය පොල්ගෙඩියක් තරම් ලොකු ඔලු ගෙඩියේ ඇතුළේ තියෙන අලගෙඩියක් තරමේ මොලගෙඩියෙන්... 2020 ඉඳලා සිදුවුණු දේවල් එකින් එක තමුන්ම විග්‍රහ කරලා තේරුම් ගන්න බලන්න. නිකන් බොරුවට රැල්ලට අහුවෙලා නන් දොඩවන්නේ නැතිව...

:       1       4

චිරන්ත Friday, 07 October 2022 02:28 PM

එරාන් මංත්‍රිතුමා මුදල් කාරක සභාවෙ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හරියට වැඩක් කරන්න පස්කුවල් ඉඩක් නොදෙන රටේ ඔහේ සභාපති වෙලා බම්බු ගහන්නද. සජබ රජයක් යටතේ මැතිවරණ ප්‍රකාශය මගින්ම මෙහෙම වැරදි පෙන්වා දීලා දූෂණ ආරක්ෂා කල අයටත් දඩුවම් දෙනවා කියලා ජනතා අනුමැතිය ගන්න ඉන් පස්සෙ රටේ සිදුවූ දූෂණ වංචා හා හොරකම් සොයා උපරිමයෙන් දඩුවම් දෙන්න

:       2       0

Bamunuarachchi Sunday, 09 October 2022 11:53 AM

හලෝ දේශපාලකයෝ කවුරුත් හොරු. එහෙමනම් මොන පක්ෂයට දුන්නත් හොරු ටිකක් බේරෙනවා. එත් චරිත හේරත් මහත්මයා තම රාජකාරිය හරියට ඉෂ්ටකලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 122 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 417 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 318 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 378 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1159 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 474 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22510 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1821 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site