IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හරකා ඇඟේ වැදි තරුණයෙක් මරුට

(හේමන්ත රණසූරිය)

වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී  යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කහටගොල්ලෑව ,කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි විපුල සේනගේ නිමේෂ් රූක්ෂාන් රත්සර නමැති 23 හැවිරිදි තරුණ විවාහකයෙකි.

අනතුර සිදුවූ අවස්ථාවේදී අසල්වාසීන් එක්ව තුවාලකරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පදවිය නගරයේ සිට කහටගොල්ලෑව තම නිවස කරා පැමිණෙමින් සිටියදී, වැලි වැව ප්‍රදේශයේදී පාර හරහා පනින ලද මී ගවයෙකුගේ යතුරුපැදිය ගැටී ඇති බවත්, මී ගවයා එම ස්ථානයේම මියගොස් සිටි බවත්, වාහල්කඩ පොලිසිය සඳහන් කරයි.

අනතුරෙන් මියගිය නිමේෂ් රුක්ෂාන් රත්සරගේ බිරිඳ ගැබිනියක්ව සිටින බවත්, අනතුරෙන් මියගිය මී ගව දෙන ද ගැබිනියක් බව වාහල්කඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පදවිය සහ කහටගොල්ලෑව අතර ප්‍රධාන මාර්ගයේ එල ගවයන් සහ මී ගවයන් රාත්‍රී කාලයේ දී නිරන්තරව අයාලේ සැරි සරන බවත්, එබැවින්, ඔවුන් අයිති ගව හිමියන් කඩිනමින් දැනුවත් කර, අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව වාහල්කඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ සම්පත් මහතා පැවසීය.

 



අදහස් (2)

හරකා ඇඟේ වැදි තරුණයෙක් මරුට

රට වැසියා Saturday, 17 August 2024 01:22 PM

ඉතාම අවාසනාවන්ත සිද්ධියක්, අයාලේ යන සතුන් රටේ බැරෑරුම් ප්‍රශ්නයක්, විශේෂයෙන්ම ගවයින් සහ බල්ලන්. මේ පරිසර ගැටළු පාලනයට ඉස්සර නීති ක්‍රියාත්මක වුණා, පළාත් පාලන අයතන වල තියෙන නිති-රිති ක්‍රියාත්මක වෙන්නේ නැහැ! තරුණයා මියේ ගියේ නැත්තම් මී හරකා මරපු වරදට ඔහුට වෝදනා එල්ල වෙනවා. බල්ලෙකුට ගලක් ගැහුවත් ඒකටත් මිනිස්සු වැරැදි කාරයෝ වෙනවා, රටේ නීති-රීතිත් විකෘති වෙලා... !

:       4       23

Jagath Kulathilake Saturday, 17 August 2024 02:06 PM

පළාත් පාලන ආයතන ගැන නම් කියලා වැඩක් නැහැ... බලය ලත් නිලධාරි හැටියට පත්වූ ලේකම් දැන් උජාරුවට කාර්‍යාලයේ ඉන්නවා මිස කරන වැඩක් නැහැ. සභා ප්‍රදේශයේ මාර්ග අවහිර කිරීම් බොහෝමයක් කරනවා ඒවා බලන්න කෙනෙක් නැහැ.. මෑතකදී පැල්මඩුල්ල ප්‍රදේශයේ කෙනෙක් මාර්ගය අයිනේ තියෙන අනතුරුදායක ගස් කීපයක් ගැන ලිඛිතව බලය ලත් නිලධාරි දැනුවත් කළාම එම ගස් ඉවත්කරන්න මුදල් ගෙවා අයැදුම්පත් ඉදිරිපත් කරන්න කියලා දන්වා තියෙනවා කියලා ආරංචියක් ලැබුණා... ඉතින් පාරේයන මිනිහෙකුට අනුන්ගේ ඉඩම්වල තියෙන ගස්වලින් අනතුරු කියලා මුදල් ගෙවලා අයැදුම්පත් දෙන්න තියෙන අමාරුව මොකක්ද? ඔන්න ඔහොමයි දැන් ලංකාවේ පළාත් පාලන ආයතන වල වැඩකරන ආකාරය...

:       0       18

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 72 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 55 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 522 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 473 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3278 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 146 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22071 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21912 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site