IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හරක් කටාගේ දුරකතන දෙකක් - චින්තකගේ පාස්පෝට් දෙකක් සී.අයි.ඩී යෙදී අතුරුදන්

(ඉන්දිකා රාමනායක)

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම , මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක් සහ හරක් කටාට සහ කුලු කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිය දී  අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම සම්බන්දධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 2023.මාර්තු,15 වැනි දා මොවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු බාරයේ තිබි ඇති බවත්, සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව, එම ජංගම දුරකථන සහ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත භාරදී තිබී ඇතිි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මෙම ජංගම දුරකථන දෙක සහ විදේශ ගමන් බලපත්‍ර දෙක අස්ථානගත වූයේ කුමන දිනයකද යන්න හෙළිවී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දුරකථ‍ෙවල සංවේදී දර්ශන,විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජංගම දුරකථන අංක, ආදී වැදගත් තොරතුරු රැසක්ම තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (8)

හරක් කටාගේ දුරකතන දෙකක් - චින්තකගේ පාස්පෝට් දෙකක් සී.අයි.ඩී යෙදී අතුරුදන්

සමන් Thursday, 14 March 2024 11:24 PM

කුඩු සල්ලිවලට සී.අ.යි.ඩී ගරුත්වය පාවා දෙන්න එපා...!!!

:       0       0

Prabha Friday, 15 March 2024 12:13 AM

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හොරු අල්ලන්න දෙන්නේ කාටද?

:       0       0

kumara Friday, 15 March 2024 04:51 AM

ගණිතය, කෘත්‍රිම බුද්ධිය හදාරන අය දන්නවා එන්ත්‍රොපි (රසායන විද්‍යාවේ එක නෙමෙයි) කියලා හඳුන්වන තොරතුරක තිබෙන අවධානය මනින මිම්මක්. යම් තොරතුරක් දුර්ලභ වෙන තරමට ඒක දැනගන්න මිනිසුන්ගේ ස්වභාවික හුරුවක් තිබෙනවා. දැන් මේ වගේ ප්‍රවෘත්තිත් ඒ වගේ. ඒ වගේම ඒ වගේ යම් දෙයක් නිතර අහන්න ලැබුණාම ඒ දේවල් වලට මිනිසුන් අනුවර්තනය වෙනවා. සාමන්‍යකරණය වෙනවා. ඒ ‌වගේම කොටසක් අපරාධවලට යොමු වෙන්නේ කැපී පෙනෙන්නට වීම නොරහසක්. ඒ නිසා, මේ වගේ අපරාධ තොරතුරු සමාජගත නොකර ඒ තොරතුරු ජනතාවගෙන් සඟවන්නේත් නැතිව සිදු කරන සදාචාරාත්මක මාධ්‍යයක් අවශ්‍යයි.

:       0       1

Marikkar Friday, 15 March 2024 05:58 AM

මේ නැතිවුණු භාණ්ඩ ජීවිතාන්තයේ ලැබෙන අවස්ථාව ඉතාමත් අඩුයි. ඒකට හේතුව දන්නෝ දනිති...

:       0       0

Pradeep Friday, 15 March 2024 07:16 AM

හරි අපූරුයි ..එතකොට අපිද දැන් හොරු අල්ලන්න ඕනේ?

:       0       0

wedage Friday, 15 March 2024 10:45 AM

මේවා අයිති අයට ලැබෙන්න ඇති.

:       0       2

Tharindu Friday, 15 March 2024 11:43 AM

මේ රටේ කිසිම කෙනෙකුට නීතිගරුක බව රැකගෙන ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නෑ.. අසීමිත මුදල් ලබාදීම එම නිලධාරීන්ට සහ පවුලේ සාමාජිකයින්ට තර්ජන වගේ දේවල් හැමතැනම... මේ ස්ථාන ගතවෙලා තිබෙන දේවල්වල කොතරම් සාක්ෂි සැඟවිලා ඇතිද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල කෙතරම් දූෂිත පරිසරයක් ඇතිද?

:       0       0

Liyanage Friday, 15 March 2024 10:52 PM

වැටත්, නියරත් ගොයම් කානම් කාට කියම්ද ඒ අමාරුව...?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 404 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1872 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 150 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2352 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site