(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මාතර මිද්දෙණීයේදී අද (20) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සුඛෝපභෝගී බස් රථය මාතර සිට කඩුවෙල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය සදහා යොදවා ඇති බවත්, මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගෙන ඇති මෙය, හරක් කටා නමැත්තා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අතර පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට රැගෙන ආ මත්කුඩු සමග මෙරටට රැගෙන එන්නට ඇතැයි සැකකෙරෙන පිස්තෝල අවි පහක් වැලිගම වලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක සගවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (20) අලුයම සොයා ගෙන ඇත.
චීනයේ නිෂ්පාදිත මෙම පිස්තෝල අවි පහ සමග මැගසින් අටක් සහ පතුරම් 10ක් ද එම ස්ථානයේ තිබී පොලීසිය සොයා ගෙන තිබේ.
පාකිස්ථානයේ සිට මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙරටට එවන ලද ගිනි අවි කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට තොරතුරු ලැබී තිබි ඇති අතර ලද තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම අවි සොයා ගත් බව පොලීසිය කියයි.
මෙම ගිනි අවි ද ‘හරක්කටා‘ නමැත්තාට අයත් ඒවා බවට පොලීසියට සැක කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“හරක් කටාට” අයත් සුඛෝපභෝගී බස් රථයක් අත්අඩංගුවට
පොඩි Friday, 20 August 2021 02:09 PM
ගහලා තියෙන්නේ නමෝ බුද්ධාය...මුන් ආයුධ පෙන්නන්න තමා අරන් යන්න වටින්නේ
Nishantha Friday, 20 August 2021 02:35 PM
ඕක පරන නිවුස් එකක්..!!
පිටිගල මිලානෝ Friday, 20 August 2021 03:43 PM
හරක් කටා ටුවර්ස්..