IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හරක් කටාට උදවු කළ පී.සි රටින් පැන්නාද

(ඉන්දිකා  රාමනායක)

නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට උප පොලිස් පරික්ෂවරයකුගේ ගිනි අවිය උදුරාගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  පලායාම උත්සහ කිරීම  සදහා  උපකාර කළ බව කියන  සැකකාර කොස්තාපල්වරයා  සිද්ධිය  වීමට පෙර විදේශ ගත වීම සදහා විදේශ ගමන් බලපත්‍ර බව සකස් කර තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රවිදු සංදිප ගුණසේකර (97402) නමැති මෙම කොස්තාපල්වරයා ඉකුත් අගෝස්තු 21 දින මෙම  විදේශ ගමන් බලපත්‍රය සකස් කර ඇති බවත් ඔහු කුමණ රටකට පලා යාමට  සිටියේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

මෙම සිද්ධියෙන් පසු ඉකුත් 10 දින දහවල් සිට මෙම කොස්තාපල්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස්   අතුරුදන්ව ඇති බවද  එම ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු   පලා යන අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකතන දමා  වෙනත් කොස්තාපල්වරයකුගේ      ජංගම දුරකතනයක් රැගෙන පලා ගොස්  ඇති අතර,  සිද්ධිය   වු දින  පස්වරුවේ අවස්වරට  ඔහු කඩවත ප්‍රදේශයේ  සිට ඇති බවට  දුරකතන කුළුණු මගින් පොලිසිය තහවුරු කරගෙන ඇත.

පලාගිය කොස්තාපල්වරයා පදිංචි ත්‍රිකුණාමලය  නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් ඔහුගේ  පවුලේ ඥාතීන්ගෙන් හා  ඔහුගේ පෙම්වතිය බව කියන පොලිස් කොස්තාපල්වරියකගෙන්  ද ප්‍රකාශ සටහන් කරගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සැකකාර කොස්තාපල්වරයාට අමතරව හරක් කටාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තවත්  පිරිසකගේ සහයක් ලැබී ඇති බවට සැකකරන බවත්,  ඔවුන් හදුනා ගැනීම සදහා විමර්ශන කණ්ඩායම් පැති කිහිපයක් ඔස්සේ විමර්ශනය ආරම්භ කර ඇති බද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රශ්න කිරීම සදහා හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ  ඒකකයක් වන   මහජන පැමිණිලි විමර්ශන වෙත ඉකුත් (10) දහවල් 12.30 ට පමණ රැගෙන  විත් තිබියදී  මෙම සිද්ධිය සිදුව ඇත.

සැකකරු වැසිකිලියට යාමට අවශ්‍ය බවට පවසා වැසිකිලි යාමෙන් පසුව එම ස්ථානයට පැමිණ එකවරම  එහි  ආරක්ෂාවට  විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු සමග පොරබදා  එම උප පොලිස් පරීක්ෂකවරයාට අතට මාංජු දැමීමට උත්සහ කර ඔහු බාරයෙ තිබු  පිස්තෝලයක්   උදුරා ගැනීමට තැත් කිරීමේ   එම උප පොලිස පරීක්ෂකවරයා මහත් පරිශ්‍රමයක් යොද  ඔහුගේ උත්සහ වලක්වා ගෙන ඇත.
 
 මෙම උප පොලිස් පරික්ෂකවරයා    කළුබෝවිල කඳුවරේ රාජකාරි    කරමින් සියි  වයස අවුරුදු 53 පමණ  පුද්ගලයකු බවත්,  ඔහු දිවි පරදුවට තබා හරක් කටා   සමග පොර බදා    සැකකරුගේ උත්සහ  වලක්වා නොගත්තේ තත්ත්වය දරුණු වන්නට ඉඩ තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් පසුව පලාගිය කොස්තාපල්  පැන ගියේ කෙසේ ද යන්න  මෙතෙක හෙළිව නොමැති අතර,   ඔහු පලා යන්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආසන්න කිසියම්  වාහනයක් තිබු බවට   නිලධාරින් සැකකරයි.
 
සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා  පැමිණ සිටි   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඇතුලු 8  දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමෙන් ද සිද්ධිය අදාලව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

 හරක් කටා සමග පොර  බැදීමෙන්  තුවාල ලැබු  ඔහු පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.



අදහස් (0)

හරක් කටාට උදවු කළ පී.සි රටින් පැන්නාද

ඔබේ අදහස් එවන්න

දියත

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 75 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3218 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 577 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1069 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 772 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 817 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 330 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site