IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හරක් කටා පනින්න හැදූ හැටි

(නිමන්ති රණසිංහ)

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නාගෙන ගොස් නිත්‍යානුකූල නොවන මාර්ගයෙන් බෝට්ටු මඟින් ඉන්දියාවට පලායෑමට සැඟව සිටින කොස්තාපල්වරයා සහ ඔහුගේ මස්සිනා සැලසුම් කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සැඟව සිටින පොලිස් කොස්තාපල්වරයාට මෙම මෙහෙයුම සදහා ‘හරක් කටා’යන අය රුපියල් කෝටියකට අධික මුදලක් ලබා දී තිබූ බවත් එම මුදලින් රුපියල් ලක්ෂ 20ක මුදලක් කොස්තාපල්වරයා ඔහුගේ මස්සිනාට ලබාදුන් බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම උසස් නිලධාරීයා සඳහන් කළේය.

මාස ගණනාවක සිට මෙම මෙහෙයුම සඳහා නොයෙක් ආකාරයෙන් උපායන් යොදමින් සිට ඇති මෙම කොස්තාපල්වරයා සහ ඔහුගේ මස්සිනා සී අයි ඩී භාරයෙන් ‘හරක් කටා’ යන අය පන්නාගෙන ගොස් තිදෙනාම බෝට්ටු මගින් ඉන්දියාවට පලා යෑමටත් ඉන් පසුව එහි සිටිමින් වෙනත් රටකට යෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් තිබී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

මේ අතර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටින ‘හරක් කටා’ යන අය සී අයි ඩීයෙන් පන්නාගෙන යාමට සඳහා හරක්කටාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විස මුසු කිරි ටොෆි සහ කිරි තේ පානය කිරීමට දීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය  අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල් 97402 මුනිපාලගේ රවිදු සංදීප ගුණසේකර යන අය මේ වන විට අතුරුදන්ව ඇති බවත් ඔහුගේ ජංගම දුරකතනයට අදාළව කළ විමර්ශනයට අනුව ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩිමහලු සහෝදරිය විවාහ වී සිටින 23 හැවිරිදි මෙම සැකකරු සහ එම පොලිස් කොස්තාපල්වරයා හරක් කටා’ යන අය පොලිස් භාරයෙන් පන්නාගෙන යෑමට කලක සිට සැලසුම් කර ඇති බවට කරුණු හෙළිවී ඇති බව ද ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ හේතුවෙන් මෙම සැකකරු අපරාධය සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් සිටි බවත් ඔහු සියල්ල පිළිබදව කරුණු වසන් කළ බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ආරක්ෂක අමාත්‍යවරයගෙන් ලබා ගත් රැදවුම් නියෝග මත මෙම සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව දින 90ක කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රදවා තබාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අවසර ලබාදුන්නේ සේරුනුවර ත්‍රිකුණාමලය පදිංචි වන්නිආරච්චිගේ අමිල සංජීව නැමැත්තාය.

 



අදහස් (0)

හරක් කටා පනින්න හැදූ හැටි

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 301 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 921 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 286 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4551 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site