IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හරක් කටා බේරා ගන්න කුඩ්ඩෝ සැලසුම් හදති

(ඉන්දිකා රාමනායක)

ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන්  අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

පානදුර ප්‍රදේශයේ මහපරිමාන මත්කුඩු ජාවාරමකරුවකු වන දැනට ඩුබායි රාජයේ සැඟව සිටිින සලිදු නැමැත්තා මෙම කටයුත්තට මුලිකත්වය ගෙන කටයුතු කරන බවද ආරංචි මාර්ග පවසයි.

මෙයට ප්‍රථම ඩුබායි අත්අඩංගුවට ගත් මාකරේ මධුෂ් නැමැත්තා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිටියදි මියයාමට සිදු වු බවත්, හරක්කටා නැමැත්තා ද ශ්‍රි ලංකාවට පිටුවහල් කළහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බවත් එම නිසා ඔහු ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා එරට අධිකරණයට ඉල්ලීම් කිරීමට සූදානම් ව සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා බිරිඳ ඇතුලු පිරිසක් සමග ඉකුත් (11) වැදි දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන ඩුබායි සිට මැලේසියාව බලා යාමට උත්සහ කිරීමේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

හරක් කටා ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇතේ හේරත් දිසානායකගේ රොෂාන් ඉෂන්ක නැමැති නමකිනි.

හරක්කටා විසින් විදේශ ගමන් බලපත්‍ර සකස්කර තිබු හේරත් මුදියන්සේලාගේ රොෂාන් ඉෂන්ක නැමැත්තා කව්දි , ඔහු මෙරට මියගිය පුද්ගලයකු ද, නැතහොත් තවත් ජීවත් වන පුද්ගලයකු ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් හෙළිකර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (17)

හරක් කටා බේරා ගන්න කුඩ්ඩෝ සැලසුම් හදති

de silva Tuesday, 16 August 2022 07:12 AM

ලංකාවේ ආගමන නිලධාරීන් වීරවංශගේ භාර්යාවට මෙන්ම මෙම සිද්ධියේත් හොට පාසපෝට් හදන්න හවුල් කියලා හොඳින්ම ඔප්පුවෙනවා නමුත් ඔවුන්ට විරුද්ධව කිසිම නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදුවන්නේ නැහැ සිස්ටම් චේන්ජ් කියල ජනතාව බලාපොරොත්තු වුනේ මෙවැනි දේවල් රාජ්‍ය දෙපාර්තමේන්තු තුල හොරකම දූෂණය නැති කරන්නේ නැතිව අපට මේ ආගාධයෙන් ගොඩ එන්න කොහොමත් බැරිවේවි

:       5       70

janahitha UAE Tuesday, 16 August 2022 08:55 AM

ඔහු නිදහස් කරගැනීමට ප්‍රයත්න දරන්නේ මෙහි ක්‍රියාත්මක සංවිධාන කිහිපයක්

:       0       47

SisilTuesday, 16 August 2022 09:13 AM

ඇයි අර කොණ්ඩෙයි රැවුලයි වවාගත්තු මහා අවලස්සන ගොඩ පෙරකදෝරුවෙක් ඉන්නේ, ඕන වෙලාවක එයා සූදානම් කුඩ්ඩන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටින්න. තරුණ කොල්ලෝ කුඩු බීලා නැති වුණාට එයාට කිසිම ප්‍රශ්නයක් නෑ. උන්දැට උවමනා ලක්ෂ ගණන්වලින් උන්දැගේ කොටස පමණයි.

:       4       29

janahithaTuesday, 16 August 2022 03:55 PM

ප්‍රසිද්ධිය සදහා ඔහු එසේ කරනවා ඔබ හරි.

:       2       12

කිරි පුතා Tuesday, 16 August 2022 09:40 AM

සමස්ථ සමාජයක යහපත උදෙසා එකම හෝ පිළිලයක් ඉවත් කිරීම කළ යුුතුය . සියලු වැරදි කරුවන්ට ඩුබායි ක්ෂේම භූමියක් වන්නේ කෙසේද යන්න එරට බලධාරීන් සොයා බැලිය යුතුය.

:       0       27

පිටිගල මිලානෝ් Tuesday, 16 August 2022 09:44 AM

ගව ඝාතනයට විරැද්ධ කුඩ්ඩෝ ටිකක් …..!

:       0       19

de silva Tuesday, 16 August 2022 11:11 AM

ඔහු ලංකාවට ගේනවාට මෙහේ දේශපාලුවෝ සහ පොලීසියේ ලොකු නිලධාරීන් කැමති නැත. හේතුව ඔවුන් සමඟ මොහු කරන කුඩු බිස්නස් හෙළිවන නිසා ලංකාවට ගෙනාවොත් මොහු පොලිස් අත්ඩංගුවේදීම මරා දමනු ඇත.

:       1       14

ravin Tuesday, 16 August 2022 11:34 AM

කුඩ්ඩො විතරක්නම් හොදයි. එක රූනෙ එවුන්නෙ. ආරන්චියෙ විදියට ඔවුන්ගෙන් යැපෙන දේශපාලුවෙත් පොරකනවලු උන්ගෙ හෙලුව එලියට එයි කියලා.

:       2       29

senaTuesday, 16 August 2022 02:17 PM

දේශපාලුවන්ට වෙන දෙයක් නැහැ එයා මෙහේ ගෙනාපු ගමන් හංගපු අවි හොයන්න යනවා

:       0       9

ganegoda Tuesday, 16 August 2022 12:48 PM

දැන් අපිට බලාගන්න පුලුවන් ජාත්‍යන්තර පොලීසිය සහ අධිකරණයද ප්‍රබල නැත්නම් ජාවාරම් කාරයොද කියල.

:       0       21

දාස Tuesday, 16 August 2022 01:31 PM

ඔතන දේශපාලුවෝ නැති එක පුදුමයි. අර අබේවර්ධන ගෙවලයගේ පුතාගේ මඟුලටත් මාකදුරේ මදුෂ් වියදම් කලා කියලයි කියවුනේ

:       1       7

චමින්ද Tuesday, 16 August 2022 01:47 PM

කුඩු වලට මරණ දඩුවම නියම කරන්න නීතියක් ඇතිකලා කියලා කලකට පෙර අහන්න ලැබුනා ඉතින් දේශපාලුවො ,කුඩ්ඩො එකතුවෙලා ගේන්න දෙන්නේ නැත්නම් නීතියක් හදන්න බැරිද එහෙම එවුන්ගේ ලංකාවෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න

:       0       8

ගමේ එකාලා Tuesday, 16 August 2022 04:07 PM

දේසපාලුවන්ට ,පොලිසියේ ලොක්කන්ට අතපය දිග හැරලා වියදම් කරපු,කප්පම් දීපු කුඩු රජාලා රටේ හිටියේ .හරක් කටාට මොනව කරයිද කවුද දන්නේ? කුඩු මුදලාලිලා නිසා විනාශ වෙන්නේ තරුණ පරපුර.

:       0       0

darman Tuesday, 16 August 2022 04:14 PM

මේ පාතාල කාරය රකින්න මෙහාට ගේන්න නොදෙන්න ට්‍රයි කරන්නේ නීතී ලොක්කෙක්. මිනිහට අනුග්‍රහය දෙන්නේ කුඩු ලොක්කෝ.හැබැයි කුඩු ලොක්කන්ගේ පස්සෙන් ඉන්නේ දෙසපාලකයෝ.බලේ ඇති නැති විතරක් නෙමෙයි බලේ ගන්න වලිකන සුද්දවන්තයෝ කියල අපිට පෙන්නන සෑම පක්ෂෙකම දෙසපාලක සෙට් ඔය වැඩේදි එකමුතුයි. කවුරුත් කුඩ්ඩන්ට පාතාලෙට සම්බන්ධයි.

:       0       0

චතුරි Tuesday, 16 August 2022 07:20 PM

හරක් කටාගෙයි. කපුටගෙයි. වෙනස මොකක්ද. හරක් කටා කුඩු බිස්නස්. මිනිමැරුම් චෝදනා, කපුටා. රටෙ දේපොළ මුදල්. හොරකම් කෙරූවා. මිලියන ගණනින් පගා ගත්තා කපුටා නිදැල්ලෙ. හරක්කටා. අත් අඩංගුවේ. පාතාලෙ සාමාජිකයන්ට තියෙන්නෙ. නිතිය. කාටත් එක සමානවෙන්න ඕන කියලා. සේරම කපුටෝ මරන්න ඕන. එහෙම වුණානම් රට ඉබේම හැදෙනවා. රට බංකළොත් වෙලා ඒ වුනාට. කාක්කො පොරකනවා ලොකු පුටුවලට මෙරට හදන්න.

:       4       7

janahithaWednesday, 17 August 2022 10:57 AM

ජාතියම මිනිමරුව කපුට සහ ඔහුගෙ පරපුර

:       0       0

Nihal Harischandra Wednesday, 17 August 2022 08:35 AM

කුඩ්ඩන්ට ගිය රට. කාලෙකට කලින් නීතියක් ගෙනාව කුඩු ලඟ තියාගෙන අහුඋනොත් මරණ දඬුවම දෙනව කියල. හැබැයි ඉතිං එතකොට වැඩියෙන් ම හිරේ යවන්න වෙන්නේ උසස් පොලිස් නිලධාරීන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site