(ශාන්ත චන්ද්‍රසිරි)
රුසියානු ජාතිකයන් තිදෙනෙකු විසින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 කු හා ශාක කොටස් රැසක් හොර රහසේ පිටරටට රැගෙන යාමට තැත් කිරීමට අදාළ නඩුව පිළිබඳව යළි විමර්ශනයක් සිදුකිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (27) නියෝග කළේය.
නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන පස් සාම්පලය හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයෙන් ලබා ගන්නා ලද එකක්ද යන්න පිළිබඳව පරීක්ෂා කර තහවුරු කිරීමක් ලබාගැනීම සඳහා එම පස් සාම්පලය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති පරිගණක උපාංගය, (පෙන්ඩ්‍රයිව්) හා ජංගම දුරකතන කොළඹ පරිගණක අධ්‍යයන අංශය වෙත යොමු කර එහි ගබඩා වී ඇති තොරතුරු පිළිබඳව වාර්තාවක් ලබාගැනීමටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
වනජීවී දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරී ඒ. පී. කේ. ටී. ජයවර්ධන මහතා මේ පිළිබඳව අධිකරණයට කරුණු දැක්වූ අතර යළි මෙම නඩුව ඔක්තෝම්බර් මස 08 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය, සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද, දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ 23 ට අයත් සතුන් 550 කු හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් මෙම විදේශිකයන් තිදෙනා විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන්පොළක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ප්‍රියදර්ශන, කේෂ්ත්‍ර සහායක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම කර ඒ. ඇලෙක්සැණ්ඩර්, ආර්. ආර්ටේම් සහ කේ. නිකොලායි යන රුසියානු ජාතික සැකකරුවන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෝර්ටන්තැන්නේ සතුන් හොරෙන් ගෙනයන්න හැදූ රුසියානුවන්ගේ නඩුව යළි විමර්ශනයට නියෝග