(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හොරණ චමිලා අල්විස්)
එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත පදිංචි උඩ කන්දගේ රමණී සකුන්තලා 58 හැවිරිදි කාන්තාවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව බංගලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිටින අතර ඔහු එරට පදිංචිව සිටින බවත් ඇය බාල සහෝදරිය සමඟ මෙම නිවසේ ගත කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන බාල සහෝදරියද මීට සති තුනකට පමණ ඉහතදී මෙම නිවසට පැමිණි නවාතැන් ගෙන ඇති අතර පෙරේදා (10 ) රාත්‍රී ඔවුන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති බව නැගණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි
ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ කාමරයක ඇයගේ නැගණිය මුළුතැන් ගෙයි ආසන්නයේ කාමරයක බිම නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව
උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොරණ නිවසක ඝාතනයක්