(ඩයනා උදයංගනී)
හරිත කෘෂිකර්මාන්තයට යොමුවීම හොඳ ප්‍රතිපත්තියක් වුවත් එය නිවැරදිව සමාජ ගත කිරීමට නොහැකි වූ බවත්, රජයේ පාර්ශවයෙන් ද ඊට අවශ්‍ය සහයෝගය නොලැබුණු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරමින් තමන්ගේ පඹයන් පුළුස්සද්දී හා ඒවාට පහර දෙද්දීත් ප්‍රතිපත්තිය වෙනස් නොකළේ එයා ඉතා හොඳ එකක් නිසා බව කී ඇමතිවරයා එසේ වුවත් දිගින් දිගටම ඉදිරිපත් වන ඉල්ලීම් හමුවේ යළිත් රසායනික පොහොර ආනයනයට පියවර ගත් බව ද සඳහන් කළේය.
මෙතරම් කෙටි කාලයක් තුළ තමන්ගේ පඹයන් පිළිස්සූ තරම් ප්‍රභාකරන්ගේ පඹයන්වත් පුළුස්සා නැතැයි කී ඇමතිවරයා හරිත කෘෂිකර්මාන්තයක් සඳහා යොමුවීමේ ක්‍රමවේදයේ වරදක් නැති නමුත් එය නිසි ලෙස සමාජගත කරන්නට නොහැකි වූ බව ද කීවේය.
එමෙන්ම රජයේ පාර්ශවයෙන් ද එයට සහය නොදුන් බව කී ඇමතිවරයා රජය තුළත් ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබූ බව සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරිත කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට රජයේ පාර්ශවයෙනුත් සහය ලැබුණේ නැහැ
Nuwan Wednesday, 24 November 2021 06:19 PM
ගොවියා අනාථ කරලා කවුරු කවුරුත් කොමිස් ගහගෙන ඉවරනේ...
සඳුන් Wednesday, 24 November 2021 06:24 PM
පිස්සන් කොටුවේ තවත් ප්‍රධාන පුරුකක්...
විපරමා Wednesday, 24 November 2021 08:52 PM
දූෂණ, කපටි, කයිරාටිකකම් නම් කිසිම සහායක් නැතුව කරයි. වැරදුණාම කාගේ හරි ඇඟේ ගහලා ලෙස්සලා යන්නයි හදන්නේ...
වර්ණකුලසූරිය Wednesday, 24 November 2021 10:58 PM
ජනාධිපතිවරයාගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ නොදැනුවත් කමත් මේතුමාගේ තක්කඩි කමත් මෙම ගැටළුවට හේතුව බව අපේ දැකීමයි. දේශපාලන පළපුරුද්දක් ඇති මෙතුමා, ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති මොහොතක මෙම තීරණය සුදුසු නොවන බවට ජනාධිපතිවරයා දැනුවත් කළ යුතුව තිබුණි. ධනවත් රටක් පවා නොගන්නා තීරණයක් විශේෂයෙන් මෙවැනි අර්බුදකාරී මොහොතක හරිත කෘෂිකර්මාන්තයත් ගැන කතා කිරීම ඇත්තටම පුදුමයට කරුණකි. හරිත කෘෂිකර්මාන්තයක් රටකට අවශ්‍ය වුවත් එය ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම වගේ කළ හැකි බව සිතීම අද ගැටළුවට හේතුවයි. සරලව කියනවා නම් හැම දෙයක්ම මස්පිඩුවල සවියෙන් කළ හැකි බව නොසිතිය යුතුය..
Sunil Thursday, 25 November 2021 06:24 AM
මෙවැනි ක්‍රියාමාර්ග වලට කාගෙවත් සහයෝගය ලැබෙන්නේ නැහැ. බොහෝ ගොවි මහත්තුරු දැනටමත් අනාතයි
sharm warn Thursday, 25 November 2021 01:53 PM
රජයේ පාර්ශවයෙන් කියන්නේ කවුද ? ඒතකොට මෙයා විපකෂයේද