(ආනන්ද ඉ ජයකොඩි, එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන, පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ඉන්දිකා රාමනායක)
කුඩා වෑන් රථයකින් පැමිණි හොරු කණ්ඩායමක් අද (2) පාන්දර දංඕවිට නගරයේ මත්පැන් අලෙවි හලක් කඩා මත් පැන් සොරා ගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ඔවුන් මෙල්ල කර ගැනීම සඳහා පොලීසිය විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටි විසි නම හැවිරිදි අවිවාහක කාන්තාවක වෙඩි වැදී බරපතළ තුවාල ලබා ඇය වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතරමගදී මිය ගොස් ඇතැයි පොලිසිය කීය.
එසේ මිය ගොස් ඇත්තේ හබුරුගල වන්නිගහවත්ත පදිංචිව සිටි ඉරේෂා ශ්‍යාමලී නැමැති විසි නම හැවිරිදි අවිවාහක කාන්තාවක් බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
වෙඩි කා ගෙන කුඩා වෑන් රථයෙන් පලා ගිය සොරුන් වත්තල මා බෝල දක්වා ගොස් වෑන් රථය එහි දමා තුවාල ලබා සිටි සොරුන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගොස් රාගම රෝහලට ඇතුළත් වීමත් සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලීසිය පැවසීය.
ඔවුන් දෙදෙනාව රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා හා සොරුන් දමා ගිය වෑන් රථයද රාගම පොලීසිය භාරයට ගෙන ඇති බවත් තවත් සොරුන් කිහිප දෙනෙකු පැන ගොස් ඇති හෙයින් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
එම වෑන් රථය තුල මත්පැන් බෝතල් කිහිපයක් හා අලුත් වාහන ටයර් කිහිපයක් ද තිබී ඇත.
සොරුන් වෑන් රථයෙන් පැමිණි ඊයේ 02 පාන්දර 04 ට පමණ දංඕවිට නගරයේ පවත්වා ගෙන යන මත්පැන් අලෙවි හලක් කඩා මත්පැන් බෝතල් සොරා ගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ලද තොරතුරකට අනුව දංඕවිට පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඔවුන් අත් අඩංගුවට ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ කිට්ටු වෙන්න එපා වෙඩි තබනවා යැයි සොරුන් කෑ ගැසීමත් සමග පොලිස් නිලධාරීන් ඔවුන් මෙල්ල කර ගැනීම සඳහා වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේ කොල්ලකාර සොරුන් වෙඩි කාගෙනම වෑන් රථයෙන් කොළඹ දෙසට පලා ගොස් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
එම වෙඩිල්ලක් අනුරාධපුරය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථයක සිටි එම කාන්තාවටද වැදී ඇති බවද මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
කොල්ලකාර සොරුන් උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් බවත් ඔවුන් දමා ගොස් තිබූ වෑන් රථය මහනුවර ප්‍රදේශයෙන් සොරා ගෙන තිබූ එකක් බවට රාගම පොලීසිය කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මිය ගොස් ඇති කාන්තාව සිය සැමියා හා මව සමග අනුරාධපුර සිට කොළඹ බලා ලංගම බස් රථයෙන් ගමන් කර ඇති බව ද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතා ප්රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
පැන ගොස් ඇති අනෙක් කොල්ලකරුවන් හා ඔවුන් සන්තකයේ තිබූ බවට සැක කෙරෙන ආයුධ සොයා ගැනීම සඳහා රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක අබේරත්න හා පොලිස් කොස්තාපල් ප්‍රියංකර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගිය කාන්තාවක් මරුට
Sunil Sunday, 02 October 2022 10:39 AM
මේ පුවත නම් වඩාත් නිවැරැදියි. පොලිසිය විසින් මේ ඝාතනය සිදුකර තිබෙන්නේ හිතාමතාමයි. රනිල් ආවත් හරි ඔවුන් නිකන් පිස්සො වගේ වැඩකරන්නේ..!
Sunil Sunday, 02 October 2022 01:53 PM
මේ පොලිසියේ අයට නීතිය පිළිබඳව කිසිම අවබෝධයක් නැත. මේ අයගේ නොසණ්ඩාල ක්‍රියාවලට අහිංසක ජනතාව වන්දි ගෙවිය යුතුද? දෙනෝදාහක් මහජනතාව ගැවසෙන තැනක කාට වුණත් වෙඩිතැබීම කිසිවිටෙකත් නොකළ යුතු බව මේ අයට වැටහෙන්නේ නැද්ද? රනිල් ජනාධිපති වූ දා පටන් මොවුන් නීතිය අතට අරගෙන...!
stg Sunday, 02 October 2022 02:54 PM
මේ අයට වෙඩි තියන්න එපෑයැ ඔක්කොටෝම කළින්, දැන් අර අහිංසක කෙනාට වගකියන්නේ වෙඩිතිබ්බ අයගේ මෑණියෝද?
නිමල් Sunday, 02 October 2022 06:05 PM
අවිවාහක කාන්තාවක් නම් සැමියෙක්...?
sharm warn Monday, 03 October 2022 11:21 AM
පොලිසියට අවසර තියෙන්නේ දණහිසෙන් පහළට වෙඩිතියන්න විතරයි කියලා තමයි අපි අහලා තිබුණේ... මොන නීතිය යටතේද මෙහෙම කරන්නේ..? නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියලා මරන්න... අසාධාරණ පාලකයන්ට විරුද්ධව පාරට බැහැපු අයට වෙඩිතියන්න.... කොහොමද එයාලාට බලය ලැබුණේ?