(මනෝප්රිය ගුණසේකර)
ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් අද (11) ගොනු කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ එම ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශය හේතූවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩ නඟාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වු බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් ත්රීව්ර වු බවද සඳහන් කරන්නීය.
රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් නම් කර ඇත.
නීතීඥ ශානිකා සිල්වා මෙනවිය මඟින් සිය පෙත්සම ගොනු කරන පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගොස්තු 18 වැනිදා පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක් වගඋත්තරකාර තිස්ස අත්තනායක මහතා අමතමින් ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහැර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයිද එය අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයිද සඳහන් කරන්නීය.
නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්
පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරිනි කෝටි 100 ඉල්ලා තිස්සට නඩු දමයි
Warnasinghe Wednesday, 11 September 2024 05:36 PM
අහෝ තිස්ස! නොදිටි මොක්පුර.
එඩී Wednesday, 11 September 2024 06:09 PM
හරිණි අමරසුරිය මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කරනු ඇති යයි හිතන්න බැහැ. නමුත් ජජබයේ අය නියෝජනය කරන ලිබරල් පාර්ශ්වය ආගම් විරෝධී. ඒ වගේම දේශීය සංස්කෘතික අංගවලට සිනාසෙන ප්රවනතාවක් තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල බුදු දහමට එරෙහි වන්නේ, එය උපහාසයට ලක් කරමින් කවි ගීත පොත් පත් ලියන්නේ ජජබ හෙන්චය්යන්. දළදා වහන්සේට අපහාස කළ පුද්ගලයා මෙන්ම බුදුන්ගේ රස්තියාදුව වැනි පල්හෑලි ලියු පුස්සන්ද ජාජබ සපොටර්ලාය.
Shashi Wednesday, 11 September 2024 06:29 PM
සජිත්ගෙ පිහිටෙන් රට පැනපන් කූට ලේඛන තිස්ස
Rata Perata Wednesday, 11 September 2024 06:47 PM
තිස්ස වගේ කාලකන්නි අපතයන්ට කවුරුහරි පාඩමක් උගන්වනවානම් හොඳයි
හර්ශනි Wednesday, 11 September 2024 07:05 PM
රාජ්‍ය නොවන සන්විධාන වලින් යැපෙන තවත් එක කාන්තාවක්. රටට අබ සරණයි...!
පොඩිඑකා Wednesday, 11 September 2024 09:30 PM
තිස්ස, මේ හරිනි හැර වෙනත් හරිනිලා සිටීද....?
Sunanda Wednesday, 11 September 2024 11:35 PM
හරිනිලත් සංදර්ශන වලට හරිම කැමතියි . තව කොහොමද දින්නොත් එහෙම
fairoos Thursday, 12 September 2024 12:44 PM
ඡන්දයක් ආවොත් තිස්ස හැමදාම අනාගත්තා