(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ වෛද්‍ය මධ්‍යස්ථානය අසල දී අද (21 )දහවල් ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම ගුටිබැට හුවමාරුව වී ඇත්තේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසුවය.
දෙදෙනා අතර විනාඩි කිහිපයක් මෙම ගුටිබැට හුවමාරුව සිදු වී තිබෙන බවත් වෙනත් මන්ත්‍රීවරුන් පිරිසක් මැදිහත් වී පසුව දෙදෙනා ඉන් පිටතට කැඳවාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ .
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මැතිසබයේදී ඊට පෙර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඒ අවස්ථාවේදී ද හරින් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි මහත්වරුන් අතර උණුසුම් කතාබහක් ඇති විය.
මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ආ බව කියන බැනර් කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමේදී සොයාගෙන ඒවා නැවත රැගෙන යන්නයි පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරින් ඔහුට දැනුම් දී ඇත .එහෙත් ඔහු එම බැනර් සහෝදර මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට දී පාර්ලිමේන්තුව ඇතුලට නැවත රැගෙන යෑමට උත්සාහ දරා ඇතැයි කියති .
මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇතැයි පැවසෙන්නේ ඉන් පසුවය.
ගුටිබැට හුවමාරුව හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබිණ.සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක විධිවිධාන දැඩි කරන ලදැයි ලදැයි එහි නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ ඒ ගැන පසුව කතා කරන බවයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර දෙකක් පිරීම නිමිත්තෙන් සමගි ජනබලවේගයෙ මන්ත්‍රීවරුන් ඊයෙ මැති සබයට පැමිණියේ කළු පැහැති ඇඳුම් වලින් සැරසීගෙනය
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
හරීන් - ජානක මැති සබේදී ගුටි ඇනගනී
විජිත් Wednesday, 21 April 2021 11:59 AM
අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා
SIRIPALA Wednesday, 21 April 2021 01:42 PM
වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ඒ බොරුකාරයෝ 225 පන්නා දමමු.
Bandula Kendaragama Wednesday, 21 April 2021 09:10 PM
ඉතාමත් හොඳයි... දිගටම ගහගන්න මැරෙනකල්ම
මුණසිංහ Thursday, 22 April 2021 02:17 AM
පාස්කු ප්‍රහාරයට සෘජුවම සජබ... වගකිව යුතුයි. දැන් ඒවා වහගන්න බොරු ෂෝ දානවා. ඒ කාලේ මොනවද කලේ...? මාධ්‍ය සාකච්ඡා තියලා මියගිය අයට උපහාර දැක්වුවේ හිනාවෙලා.
Nishan Thursday, 22 April 2021 04:27 AM
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සිනාමුසු මුහුණුවලින් පෙනී යන්නේ ඔවුන් මේ පාස්කු ප්‍රහාරය නිසා අද සතුටින් සිටින බවයි.
Rata Perata Thursday, 22 April 2021 06:21 AM
නියමෙට සර්ට කඩේ යන විදිහට මේක ලියන්න තියෙනවා...
ekanayake Thursday, 22 April 2021 06:23 AM
ඕනේ නම් අායුධ මොනවාහරි දුන්නා නම් හරි...