IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


හොරෙන් රටට එන්න ආ නයිජිරියානුවා පිටුවහල් කරයි

(ටී.කේ.ජී.කපිල )

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .

31 හැවිරිදි මෙම නයිජීරියානු ජාතිකයා එරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ රැදී සිටින්නෙකු බවට තොරතුරු ප්‍රකාශ කර තිබේ .

මොහු නයිජීරියාවේ සිට  ලයිබීරියාවට පැමිණ එතැනින් මොරොක්කෝ රාජ්‍යයට පැමිණ තිබේ . ඉන්පසුව කටාර් රාජ්‍යයට පැමිණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

 මොහු ගුවන් තොටුපළ වෙත පිවිස ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවෙහි සේවයේ නිරත  නිලධාරීන් වෙත බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ඇතිවූ සැකය මත , ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින් මෙම ලියකියවිලි ගුවන් තොටුපළ තුළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ විමර්ශනය සදහා යොමු කර තිබේ .

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බව තහවුරු වීමත් සමගම , තමන් ඉකුත් 2022 වසරේ සිට කීප අවස්ථාවකම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වීසා අයදුම් කර සිටි බවත් , ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ පසුව තම පියා විසින් මෙම බහමාස් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දුන් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ .

අමෙසේ නයිජීරියානු ජාතිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඒ.ටී.එම්.යන්ත්‍ර කඩා මුදල් ගැනීම , ව්‍යාජ දත්ත ඒවාට ඇතුළත් කර මුදල් සොරා ගැනීම ආදී මූල්‍ය වංචා සිදු කිරීම පිළිබඳව දිගින් දිගටම චෝදනාවලට ලක් වීම නිසා , ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවකාශය ලැබෙන්නේ දැඩි සොයා බැලීම් වලින් අනතුරුව අත්‍යාවශ්‍යම පුද්ගලයෙකුට පමණි .

තවදුරටත් මොහුගේ පසුබිම් තොරතුරු විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව , ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සහ එම ගුවන් සේවය වෙත මොහු භාර දී තිබේ .

 



අදහස් (1)

හොරෙන් රටට එන්න ආ නයිජිරියානුවා පිටුවහල් කරයි

Nimal Tuesday, 11 April 2023 06:28 PM

බැරිද මෙයා එක්ක අපේ දියවන්නාවේ ඉන්නි බූරුවෝ 225ත් පිටුවහල් කරන්න. ගුවන් ටිකට් ටිකට අපි ගෙවන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වැලිකඩ ඕඅයිසී ඉවත් කරන්න කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි
2025 අප්‍රේල් මස 06 499 0

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ


නියෝජ්‍ය ඇමැතිගේ මාමා නීතිය අතර අරගෙන
2025 අප්‍රේල් මස 06 980 0

ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල


හිතුමතේ පැනවූ තීරු බදු
2025 අප්‍රේල් මස 06 1957 1

ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන


පාම්බන් පාලම මෝදි අතින් විවෘත වෙයි
2025 අප්‍රේල් මස 06 2717 0

රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල


ඉන්දියානූ සූපවේදීනිය කොකෙන් සමඟ කටුනායකින් අල්ලයි
2025 අප්‍රේල් මස 06 1869 2

රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක


රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි
2025 අප්‍රේල් මස 06 2149 2

රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 436 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 478 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 974 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site