IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


හොරෙන් රට පැනීමේ අවස්ථා 181ක් පසුගිය වසරේ මාට්ටු

(යොහාන් භාසුර)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේ ඒකකය පසුගිය වසරේ (2023) ව්‍යාජ සංචාරක ලියකියවිලි භාවිත කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වීමට කළ උත්සාහයන් 181 ක් ව්‍යාර්ථ කිරීමට සමත් වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ 2023 වාර්ෂික වාර්තාව මෙම තොරතුරු හෙළි කළේය.

එම වාර්තාව එළිදැක්වීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී අද (2) පස්වරුවේ පැවැත්විණි.

ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සහ වින්දිතයන් පිළිබඳ තොරතුරු සහ මිනිස් ජාවාරම් ඇතුළු තොරතුරු එක්රැස් කර නීතිය බලගන්වන ආයතන අතර බෙදාහැරීම පසුගිය වසරේ සාර්ථකව ඉටුකර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූහ.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානි ආචාර්ය මොනෙට් ඩි. අසිස් යන මහත්ම මහත්මීන්, මහ බැංකුවේ මූල්‍ය අපරාධ විමර්ෂන අංශ නිලධාරීන්, ජපාන, කැනේඩියානු නවසීලන්ත සහ බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් ද සහභාගි වූහ.



අදහස් (0)

හොරෙන් රට පැනීමේ අවස්ථා 181ක් පසුගිය වසරේ මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 156 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1392 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 593 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 8 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2431 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site