IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


හොරොයින් කිලෝ 340 කොළඹ වරායට

(ඉන්දිකා  රාමනායක)

ජාත්‍යන්තර මුහුදේ  දකුණු  මුහුදු  සීමාවේ දී   අත්අඩංගුවට ගත්  හොරොයින් කිලෝ 340 ක තොගය  අද (25) දහවල්  නාවික හමුදාව විසින් කොළඹ වරයා වෙත රැගෙන එනු ලැබීය.

මෙම හෙරොයින් තොගය සමග  අත් අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනකු  යාත්‍රා  දෙකක් ද වරායට රැගෙන  ආ බව නාවික හමුදාව කියයි.

මෙම සැකකරුවන් අතර  මත්ද්‍රව්‍ය ප්‍රවාහන සදහා යොදා ගත්   කුඩා වැල්ලේ  ව්‍යාපාරිකයකුට අයත්   “සුරේෂ් පුතා”යාත්‍රාවේ   නියමුවා ඇතුලු එහි  හය දෙනකු,   සුරේෂ් පුතා යාත්‍රාවේ හිමිකරු හා ඔහුගේ පුතුන් තිදෙනා  සහ තවත් සැකකරුවකු,  මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙය  යාමට  ත්‍රිකුණාමලයේ සිට ගැඹුරු මුහුද වෙත ගොස් සිටි “ඕෂන් පුතා” යාත්‍රාවේ නියමුවා ඇතුලු පස්දෙනකු ද  සිටියහ.

අත්අඩංගුවට ගත් මෙම හොරොයින් කිලෝ 1  වශයෙන් පාර්සල තුළ අසුරා තිබු අතර   එහි විවිධ    වර්ගයේ අංක යොදා තිබෙනු දක්නට ලැබිණි.

මෙම හොරොයින් තොගය  නිරීක්ෂණය සදහා ආරක්ෂක ලේකම්  ජෙනරාල් කමල් ගුණරත්න සහ  නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න යන මහත්වරුන් ද කොළඹ වරාය වෙත පැමිණ සිටියහ.

 (ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



අදහස් (3)

හොරොයින් කිලෝ 340 කොළඹ වරායට

nalaka Tuesday, 25 January 2022 04:55 PM

ලංකාවට මත්ද්‍රව්‍ය ගේන්න සාමාන්‍ය මිනිස්සුන්ට, බෝට්ටුවක් තිබුණත් අසීරුයි. ලංකාව කියන්නේ ඇතුලේ මණ්ඩලේ කචල් වෙලා ඉහළම කුඩ්ඩව අල්ලා ගත්තාම ජනාධිපති ගිහින් බදාගත්තු රටක්. පස්සේ ඒ කුඩ්ඩා රටේ ඇමැති වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් අල්ලනවා. හිරේත් දානවා. හැබැයි කුඩුටික එළියට එනවා ටික දවසකින්.. මේවා චිත්‍රපටි.. නළුවොත් ඔවුන්ගේ.. තිර රචනයත් ඔවුන්ගේ.. අපි 78 වසරක් බලන් ඉන්නවා.

:       7       22

fairoos Tuesday, 25 January 2022 07:50 PM

මේ අල්ලන කුඩු ටික ආපහු මාකට් එකට එන්නේ කොහොමද කියලත් හොයලා බැලුවොත් හොඳයි... ඇමැති කෙනෙක්ට යනවා නම් අවුලක් නෑ.

:       4       18

IRSHAD Wednesday, 26 January 2022 10:33 AM

නරකද මේවා අල්ලගත්ත ගමන්ම ගිනි තිබ්බොත්.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විදුලි කප්පාදුවක් හෙට නෑ
2025 පෙබරවාරි මස 11 81 0

විදුලි කප්පාදුවක් හෙට (12) ක්‍රියාත්මක නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


කැළුම් ශ්‍රීමාල්ට-යූ ටියුබ් නාලිකාවට වාරණයක්
2025 පෙබරවාරි මස 11 326 0

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේන සිංහ මහතාට අපහාසයක් වන අන්දමේ අසත්‍ය,ද්වේෂ සහගත කරුණු සහිත වීඩියෝ හා ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් ඊතලය යු ටියුබ


ඩුබායි වලට පලා ගිය පීසීගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 11 387 0

ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56 ගිනි අවිය සහ ජීව උන්ඩ 30 නැවත භාර නොදී දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජක


ලෝක රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 11 195 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට සහභ



යෝෂිතට - ඩේසි ආච්චිට නඩු
2025 පෙබරවාරි මස 11 1287 0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි’ පොරස්ට් නැමති කාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 86 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 886 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site