( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප ලබා දීම සඳහා සුවිශේෂී හේතුවක් ලෙස පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
භාණ්ඩ ආනයන කන්ටේනර්යක අර්තාපල් ස්වරූපයෙන් හෙරොයින් සගවා තිබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අබ්දුල් කාදර් අබුබකර් නම් ව්‍යාපාරිකයා ගොනු කල ප්‍රති ශෝදන පෙත්සමක් ඉවත දමමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කර ඇත.
සැකකරුගේ අසනීප තත්ත්වය සහ පැතිර යන COVID 19 තත්වය, මත සුවිශේෂී අවස්ථා ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.
මෙම පෙත්සම සලකා බැලූ මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සදහන් කලේ කොරෝනා වෛරසයේ බලපෑම අත්අඩංගුවේ සිටින සියලු දෙනාටම අදාළ වන බවය.
‘සුවිශේෂී කරුණු යන්න ඉතා ආත්මීය බවත් එයට ස්ථිර විස්තරයක් ලබා දිය නොහැකි බවත් , එය එක් එක් සිද්ධියේ තත්වයන් මත රඳා පවතින අතර වෙනස් වන බවත් විනිසුරු මඩුල්ල සදහන් කර ඇත.
සොයා ගත් හෙරොයින් ප්‍රමාණය සුළුකොට තැකිය නොහැකි බවට අභියාචනාධිකරණය තීරණය කළේය. එම නිසා සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලෙස හලාවත මහාධිකරණය ලබා දුන් නියෝගය අභියාචනාධිකරණය තහවුරු කළේය.
කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ඉවත දැමීමට තීරණය කලේය.
සැකකරු අබ්දුල් කාදර් අබූබකර් පාකිස්ථානයෙන් අර්තාපල්, රෙදිපිළි, සුදුළූණු සහ ළූණු වැනි යම් යම් භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු වසර ගණනාවක් කේ.අයි.එම්.එස් එන්ටර්ප්‍රයිසස් නම් තනි පුද්ගල ව්‍යාපාරයක් යටතේ කටයුතු කර ඇත.
2020 මාර්තු 12 දින සැකකරු විසින් ආනයනය කරන ලද එක් කන්ටේනරයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරීක්‍ෂා කළ අතර මුද්‍රා තැබූ කන්ටේනරයක් විවෘත කිරීමේදී අර්තාපල් ස්වරූපයෙන් සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 99 .478 ක් සොයාගෙන ඇත. රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව පිරිසිදු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 67.765 කි.
1984 අංක 13 දරණ පනත මඟින් සංශෝධනය කරන ලද විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනතේ 54 ඒ සහ 54 බී වගන්තිය යටතේ හෙරොයින් ආනයනය කිරීමට, ජාවාරම් කිරීමට සහ ළඟ තබා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘හොරොයින් ජාවාරම්කරුවන්ට ඇප දෙන්න කොවිඩ් හේතුවක් නෙවෙයි’
Raveendra Wednesday, 08 September 2021 10:50 AM
කොහොමද තර්ක. මොන බේගල් දෙසල හරි මාගේ සේවාදායකය එලියට ගැනීම මගේ පරම අභිප්‍රායයි. .