(ඉන්දිකා රාමනායක)
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාලිගාවත්ත පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (17)රාත්‍රියේ අපරාධ නිවාරණ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී මාලිගාවත්ත සමාධි විහාරස්ථානය අසල දී කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නෙල්ලිඅඩි විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකු බවට හෙළි හෙළිවූ බව පොලිසිය පවසයි.
සැකකරු කඳවුරෙන් නිවාඩු පැමිණ සිටියදී මෙලෙස හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
හෙරොයින් සමඟ එස්.ටී.එෆ්.පීසී අත්අඩංගුව
Samitha S. Aluthgamage Tuesday, 18 April 2023 09:40 AM
පොලීසිය හා ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ වී තිබීම එම උවදුර මර්ධනය කිරීමට තිබෙන ප්‍රධාන ගැටලුවක්.දැනට සිටිනා ආරක්ෂක ඇමතිවරයා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත යුතුයි.ඒත් එවැන්නක් ගැන පේන්නේ නම් නැහැ.එදා කුඩු නඩුවකදී,එක්තරා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ ක්‍රියා කලාපය ගැන විනිසුරුවරුන් මවිතයට පත්වූ බව සඳහන් ප්‍රවෘත්ති පලවී තිබෙනු දුටුවා.කෙසේ වෙතත්,මේ වැටලීම් කරනා අවංක නිලධාරීන් හට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
පැරකුම් Tuesday, 18 April 2023 10:12 AM
පේනව නේද ලොකුවට සද්ද දාල අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන දේ. අපි කොච්චර කිව්වත් වැඩක් නෑ. ඉහල බලධාරීනුත් ඒවට සපෝට්…!
Ananda Tuesday, 18 April 2023 01:23 PM
ඔන්න නිවාඩුවෙනුත් ප්‍රයෝජනය ගන්න පොලිස්කාරයෝ. අතඩංගුවට ගන්න කුඩු ලස්සනට එයාලම විකුනනව.
ගනේගොඩ Tuesday, 18 April 2023 01:48 PM
දැන් පොලිසිය හෙරොයින් විකිණීම පටන්ගත්තාම, කවුද කුඩුකාරයන් අල්ලන්නේ .. ?
මුදියන්සේ...... Tuesday, 18 April 2023 05:20 PM
මතකද කලකට පෙර පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ප්‍රාදේශීය කාර්යාලය භාවිතා කරමින් කුඩු බෙදා හැරීම සිදු කළ ආකාරය. කෙසේ නම් මෙරට කුඩු සංහාරයක් කළ හැකි වේද ? බලා සිටිමු.