සූර්යයා එසේත් නැතිනම් හිරු ගවේෂණයට යැවූ රෝබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යන නමින් නම් කළ මෙම රොබෝ යානය, මිනිසා විසින් හිරු ගවේෂණයට යැවූ පළමු ගවේෂණය යානයයි.
‘පාකර් සෝලර් ප්‍රෝබ්’ හිරුගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින්, හිරුගේ අංශු සාම්පල එක්රැස් කළ බව නාසා ආයතනය කියයි. යානය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්‍රමයකටය.
රොබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ බව තහවුරු කිරීමට නාසා විද්‍යාඥයන්ට මාස කීපයක් ගතවිය. ඒ අනුව, ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ රොබෝ යානයේ වික්‍රමය ලොවට අනාවරණය සිදු කෙරුණේ පසුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
නාසා ආයතනය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යැවීම සිදුවූයේ 2018 දීය. එය හිරු වටා යමින් සෙමින් සෙමින් හිරුට ළං වීම සිදුවිය. යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ප්‍රබල වේගයකිනි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය නිපදවීමට වැය වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි.
(රොයිටර්)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිරු ඇල්ලූ පළමු යානය
කිරි පුතා Thursday, 16 December 2021 04:18 PM
මිනිසා හරිම දියුණුයි. මුව ආවරණ පැළඳගෙන හිරුව අධ්‍යයනය කරනවා ඇති...
BamunuarachchiThursday, 16 December 2021 05:36 PM
නැතුව නැතුව දොස්තර ගොල්ලෝ මුකාවඩම් දාගෙන අතට ග්ලවුස් දාගෙන සැත්කම් කරන්නේ. ඒ දෙගොල්ලොම පරිස්සම් වෙන්න. ඇමරිකන් කාරයෝ වැඩක් කරන්න ගියාම සේෆ්ටි ෆස්ට්. අපහසු නිසා පැත්තක දමා තිබුන හෙල්මට් එක දාගන්න ඇමරිකානුවෙක් අතින් සන්ඥා කල නිසා මගේ ජීවිතේ බේරුනා.
Bamunuarachchi Thursday, 16 December 2021 05:28 PM
චීන්නු මේක දැක්කාම අහයි අපට තිබෙන ණය යා ටික ගෙවාදමන්න බැරිද? කියලා
nimal Thursday, 16 December 2021 05:31 PM
හිරු සදු පායන ලෝකේ.. අලෝකය අතරේ ..සැප දුක සමබර වේ...
Toni Thursday, 16 December 2021 11:37 PM
හොද නැකතකින් ගමන පිටත් කරලා ඒකයි...
Perera Thursday, 16 December 2021 11:40 PM
ලංකාවේ ජීවන වියදම හිරුටත් එහා ගිහින්නෙ..
Ruwan R Wednesday, 22 December 2021 05:18 PM
ලංකාවෙන් යවපු එක හම්බ වුණොත් කියන්න හොඳේ...