IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හොර චෝදනා ඇති මන්ත්‍රීන් පන්නන්න නීති ඕනෑ

(අංජුල මහික වීරරත්න)

කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු යැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

බටඅත නව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයේ ගොවින්ට කෘෂි උපකරණ ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව කීය. 

තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේදී මෙවැනි  විපක්ෂ නායකයෙක් දැක නැතැයි කී අමාත්‍යවරයා අතීතයේ සිටි විපක්ෂ නායකවරුන් සැමවිටම රජය විසින් ක්‍රියාත්මක කරන හොඳ වැඩ වලට සහයෝගය දුන් නමුත් වත්මන් විපක්ෂ නායකවරයා ජනතා ප්‍රශ්න විසඳීම සඳහ  කිසිදු ක්‍රියාමාර්ගයකට සහයෝගය නොදෙන බව පැවසීය.

කතානායකතුමා දවිපක්ෂ නායක වරයා තම බලතල අයථා ලෙස භාවිතා කිරීම පාලනය සඳහා පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මන්ත්‍රීවරුන්ගේ විනයගරුක භාවය ස්ථාපිත කිරීම සඳහා පත් කරන ලද නව කමිටුව මගින් ගෙන එන යෝජනා  සියලු මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව සම්මත කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (8)

හොර චෝදනා ඇති මන්ත්‍රීන් පන්නන්න නීති ඕනෑ

ravin Sunday, 26 November 2023 03:31 PM

අස්සයා ගියපු ස්තාලයේ දොර වැසීමෙන් කිසිඳු පලක් නැත .ජනතා සේවය සඳහා යයි කියා එන්නෙම හොරකම් කරන්න මිස බව පොදුජන පිළිගැනීමකි .කෙලින්ම ප්‍රජා අයිතිය අහෝසි කලොත් මිස අන් කිසිවෙකින් ප්‍රතිපල ලබා ගැනීම දුෂ්කර වේ

:       0       0

Sampath Abeygunasekara Sunday, 26 November 2023 07:25 PM

සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් එක රටක්, එකම නීතියක් තියෙන්නේ ආයේ නීති හදන්න මහන්සි වෙන්නේ මොකටද?

:       1       0

ගමේම් එකාලා Sunday, 26 November 2023 07:39 PM

පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන්ගේ, කිසිම විනයක්, චාරයක් නැති හැසිරීම්, කෙරුවාවල්, වාචාල කතා, මඩ ගැසීම් අපි කාලයක් තිස්සේ දැකපුවා. මෙයාට පෙනිලා තියෙන්නේ විපක්ෂ නායකයා විතරමයි..

:       1       0

C.K.Lankaputhra Sunday, 26 November 2023 08:26 PM

අනේ මේ! නිකන් ඉන්න. ඔයාට දැන් ද ඕක මතක් වුනේ. අපිව ගොනාට අන්දන්න හදන්න එපා. ඔයගොල්ලෝ ඔක්කොම එක වල්ලෙ පොල්...! 

:       0       1

මුදළිහාමි Monday, 27 November 2023 06:53 AM

ඒ වගේම නාමයෝජනා දෙනවිට වරදකට සිරගතව සිටි අයට නොදීමට මෙන්ම සමාජයට හිංසාකාරීව හැසිරෙන අයට නාමයෝජනා නොදීමට කටයුතු කරන්න ඕන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එවැනි සාමාජිකයන් සිටින පක්ෂ හා සංධාන ලියාපදිංචි නොකර සිටීමට අනිවාර්ය කරන්න ඕන විභාග වැරදි කලො පළාත් පාලන මැතිවරණය සදහාවත් ඉදිරිපත් වීම තහනම් කරන්න ඕන වැදගත්ම දෙයක් ලෙසට පාර්ලිමේන්තුවේ අශෝභන ආකාරයට හැසිරීම එවෙලේම පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමීමට පමණක් නොවෙයි සධාකාලිකව දේශපාලනය තහනම් කිරීමට හේතුවක් වෙන්න ඕන කොටින්ම කිව්වොත් සමගිව රැස්වෙන්න සමගිව කතාකරන්න බැරි අවිනීතයින්ට පාර්ලිමේන්තුව පමණක් නොවෙයි සියලු පළාත් සභා හා පළාත් පාලන ආයතන සදහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් නීතියක් නොපමාව හදන්න ඕන ඔය අවිචාරවත් මිනිස්සු මෙතෙක් කාලයක් රටේ සාරධර්ම විනාශ කිරීමත් රට වලපල්ලට යාමට හේතුවක් වුනා

:       0       1

Mudiyanse Monday, 27 November 2023 12:08 PM

මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ගැන තමුන්නාන්සෙ මොනවත් කියන්නෙ නැද්ද? උසාවි තීන්දුවලින්ම තමයි වැරදි කාරයො විදියට පිළිඅරගෙන තියෙන්නෙ..තව ඉන්නවා..ප්‍රසන්න රණතුංගල එහෙම ...

:       1       3

Bamunuarachchi Monday, 27 November 2023 07:24 PM

මුදියන්සේ තුම්සේ කියවලා තිබෙන්නේ ඔය නඩුව ගැන විතරද? ඕන තරම් නඩු තීන්දු නිෂ්ප්‍රභාග වෙලා තිබෙනව. ඕක තීන්දුවක් පමණයි එතනින් එහාට කෙරෙන මගුලක් නැතිබව රාජපක්ෂලා දන්නවා. බල්ලෝ බිරුවට හඳ කඩා වැටෙන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 27 November 2023 07:02 PM

චෝදනා තිබුණ පලියට හෝ චෝදනා කල පලියට කාටවත් දඬුවම් කරන්න බැහැ නේද ඇමතිතුමෝ? චෝදනා ඔප්පු උනොත් හොරකම් අතටම අසුවෙලා දඬුවම් විඳින්න සිද්ද උනොත් අන්න පයින් ගහලම පන්නන්න. කෝ අර අලි සබ්රියාව තාම පන්නන්න බැරි උනා නේද? කෝ විපක්ෂ නායකයා ගේ කෙරුවාවල්. මහත්තයෝ මේ අහන්න කැනඩාවේත් ඔය හොරු ඉන්නවා. Barn එකක් හදන්න මිලියන 8 වැය කරලා තිබෙනවා. එපමණ මුදලක් වැය උනේ කොහොමද කියලා ප්‍රශ්න කලාම ඒ barn එකට‍ විදුලි සෝපානයක් සවිකලා කියලා කියනවා. එතකොට විරුද්ද පක්ෂය plan එක පෙන්නලා අහනවා මේකේ එක මාලයයි තිබෙන්නේ මේකට මොකටද විදුලි සෝපාන කියලා. අන්න මුළු කතාවම YouTube එකේ තිබෙනවා කතාව ක්‍රිකට් මණ්ඩලේ හොරකම් වලට වඩා රසවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1174 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1397 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 885 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 388 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1255 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39489 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site