IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හොර නිලධාරීන් හාරසීයක් නිදැල්ලේ

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ආයතන  තිහකට   වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු  නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම  දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට පාඩුවූ කෝටි දාහකට වැඩි මුදලක් එම නිලධාරීන්ගෙන්  අයකර ගැනීමද මෙතෙක් සිදුවී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

වගකිවයුතු නිලධාරීන්ගෙන් පාඩුවූ  මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව විගණන නිලධාරියෙක් පැවසීය.

මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නොමැත්තේ  එම දූෂණ වංචාවලට එම ප්‍රධානීන්ද සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධවී ඇති නිසා බව පෙනී ගියේ යැයි  විගණන නිලධාරීහු පෙන්වා දෙති.

බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12 ක් පමණ හඳුනාගෙන ඇතැයිද ඔවුහු සඳහන් කරති.

මේ අතර සීනි බදු වංචාව,බාල පොහොර සිද්ධිය ඇතුළු ප්‍රධාන පෙළේ ජාවාරම් වලට  සම්බන්ධ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන්ද  මෙතෙක් නීතිය ක්‍රියාත්මකවී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් දේශපාලනඥයන් මෙම නිලධාරීන්ට රැකවරණය ලබාදීම මෙම වංචා දූෂණ යට යෑමට ප්‍රධාන හේතුවක් බව  විගණන අංශ පෙන්වා දෙයි.



අදහස් (14)

හොර නිලධාරීන් හාරසීයක් නිදැල්ලේ

Muthu Monday, 27 May 2024 10:52 PM

ලංකාවට ඉලෝන් මසක්ල වැඩක් නෑ, මෙතනයි හදන්න ඕන. දෙස්පාලුවෝ නීතිය ඇද කරලා මේ වගේ බයිස්කෝප් වලින් ඒවා වහනවා.....

:       0       50

රංබොඩ Monday, 27 May 2024 11:42 PM

හොරකමක් වංචාවක් කොතනද එතන දේශපාලකයෙක් ඉන්නවා. පක්ෂ පාට භේදයක් නෑ. සේරම එකයි.

:       0       2

shiwa Tuesday, 28 May 2024 01:16 AM

දේශපාලකයින්ට ම බැන බැන යන්න අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා .නමුත් ඊටත් වඩා හොරු තමයි මෙන්න මේ වගේ රාජ්‍ය නිලධාරීන් . අඩුම තරමින් පෑනක් වත් හොරෙන් ගෙදර නොගෙනියපු රජයේ සේවකයෙක් ඉන්නවද ? මාලිමාව නෙවෙයි මොකා ආවත් මෙන්න මේ හොරු ඉවත්කරන්නේ නැතිව මේ රට හදන්න බැහැ . මහ දවල් වෙන හොරකමක්නේ නිල වාහන අව භාවිතය . ප්‍රධාන නගර වල පාසල් ලඟ බලාගෙන ඉන්නකෝ වැඩේ කොහොමද කියල . එතකොට පෙනේවි වරප්‍රසාද වලට මුවා වෙලා කොහොමද කොරකම් කරන්නේ කියල .ලෝකේ කිසිම රටක මේ වගේ හොරකම් වෙන්නේ නැතුව ඇති

:       0       2

Bamunuarachchi Tuesday, 28 May 2024 03:38 AM

මොදේශපාලයින්ට බැනලා වැඩක් නැහැ.. බාල බෙහෙත් ගෙන්වීමේ වරදට සැක කාරයෝ උනේ එක දේශපාලයයි නමුත් ඉහල රාජ්‍ය නිලධාරීන් අටදෙනෙක් සැක කාරයෝ වුණා. සමහර විට සෞඛ්‍ය ඇමැතියාත් මේ වංචාවට හවුල් කරගෙන ඇත්තේ මේ නිලධාරීන්ම තමයි. මොකද ඇමැති උපදෙස් ගන්නේ නිලධාරීන් ගෙන්. බෙහෙත් අඩුපාඩු කියන්නේ බෙහෙත් ගෙන්විය යුතූ ප්‍රමාණය කියන්නේ නිලධාරීන්. ඒ ඉල්ලීම තමයි ඇමැති කැබිනට් එකට‍ ඉදිරිපත් කරන්නේ.

:       4       7

ranjith Tuesday, 28 May 2024 06:47 AM

මේවට පියවර ගන්න කොන්දක් ඇති නායකයෙක් පත්කර ගනිමු

:       1       5

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Tuesday, 28 May 2024 07:46 AM

මාතර දිස්ත්‍රික් ලේකම්වයි, වික්‍රමසිරි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් ලෙස හිටපු කාලයේදී කෝටි 6 ක් අනීතිකව වැය කරල තියෙනවා. දැන් කොහොමද විගණන විමසුම. අනික අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා අඛණ්ඩව වසර 19 ක් එම පාසලේ විදුහල්පති ලෙස අදටත් කටයුතු කරනවා. අල්ලස් එකෙන් පරීක්ෂන 3 ක් තිබෙනව බව කලාප අධ්‍යක්ෂ ලිඛිතව දීල තියෙනවා. පාසල තුල බුද්ධ ප්‍රතිමාවක් හදල කෝටි 50 ක් විතර ගසා කාලා තියෙනවා. කිසිම අනුමැතියක් නැහැ. විගණනය කෝ ඒවා ගැන සොයල බැලුවද අපි කියනකම්.ඒවත් ගැහිලි තමයි. ආණ්ඩුකාර විලී ගමගේටත් යන්න වුනේ මේ ප්‍රශ්න යට ගහපු නිසා. දූෂන වංචා පැත්තකින් තියමු. අවුරැදු 19 ක් එකම පාසලක ඉන්න පුලුවන්ද එකම පුද්ගලයෙකුට . කෝ විගණනයක්. කෝ රටේ නීතිියක් . ඒක තමයි කුලරත්න ප්‍රයිවට් කම්පැනි ලිමිටඩ් . විදුහල්පති තමයි මුදලාලි.ආරක්ෂා කරන්නෙ ෂෙයා හෝල්ඩර්සලා. කෝ ජේ වි පිය මේවා දැක්කේ නැද්ද පළාත් සභාවේ ඉන්න කාලෙදි.ඉදිරියේදී මේවට පිළිතුරැ දිය යුතුයි. පැනල යන්න දෙන්නෙ නැහැ.

:       0       10

sathyapala Tuesday, 28 May 2024 08:54 AM

ළමයි පාසලට දාන්න පගාව අරන් අහුවුණ විදුහල්පති කෙනෙක් කාලයක් හිරේ ඉදලා නඩුව ඇදිලා යනකොට අල්ලස් හා දුෂණ එකේ අයට අල්ලස් දීලා නිදහස් වුණා. තවත් මොන කතාද ? සුරා බදු එකේ 100% අල්ලස් ගන්නවා හෝ ගන්න කෙනාගෙන් මුදලක් ලැබෙනවා. රේගුවේ හැම කෙනෙක්ම අයතා ලෙස මුදල් ගන්නවා හෝ වාසි ලබනවා. හැම තැනම අල්ලස් ගැනීම නවත්වන එක නවත්වලා 100% එක ආයතනයක් සුද්ධ කරන්න ඕනේ. ඊකට මුලින්ම කලයුත්තේ පොලිසිය සහ අල්ලස් දුෂණ ආයතනයේ අල්ලස් ගන්න එවුන් ඇල්ලීම. එක සුද්ද කරලා ඔවුන් හරහා අනිත් ආයතන සුද්ධ කිරීම. එහෙම නැතුව මේක නවත්වන එක බොරු. මේවා කරන්න නීති ගෙනෙන්න නම් නීති හදන තැන එවුන් හොද එවුන් වෙන්න ඕනේ. එහෙම එවුන් පාර්ලිමේන්තු යවන්න රටක හොද පුරවැසියෝ ඉන්න ඕනේ. හොද පුරවැසියෝ හදන්න අපි වගේ රටක හොදම අය පූජකයෝ. පූජකයොත් පට්ට හොරු. මේවා හෙළි කරන්න ඔලුව තියෙන මාධ්‍යවේදියෝ ඉන්න ඕනේ. උනුත් ආගම්වාදියෝ අන්තවාදියෝ දේශපාලන ගැත්තෝ. සිස්ටම් එකම අවුල්.

:       0       17

sam Tuesday, 28 May 2024 09:08 AM

රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට එරෙහිව එම එම ආයතන තුල සේවයකරනා අවංක සේවකයන් සිටිනම් එම පිරිස සහ එම ආයතන වෙනුවෙන් පෙනී සිටිනා සංවිධාන පළමුව දුෂිත නිලධාරීනට එරෙහිව හඩක් නැගිය යුතුවේ. දේශපාලකයන් පත්කරනු ලබන්නේ රටේ පුරවැසියන් නිසා දේශපාලකයනට එරෙහිව පුරවැසියනට ඍජුව නැගී සිටීමට හැකියාව ඇත. එසේ උවත් දුෂිත රාජ්‍ය නිලධාරීනට එරෙහිව එසේ කල නොහැකිය. දුෂිත දේශපාලන ක්‍රමවේදයට සහ දුෂිත දේශපාලකයන්ට එරෙහිව මතුවූ පුරවැසි අරගලය මෙන් රජය සේවයේ දුෂ්ඨ නිලධාරීනට එරෙහිව එම ආයතන තුලින්ම හඩක් නගනා තුරු පුරවැසියන් නිහඩව සිටිනු ඇත. එසේ උවහොත් සමස්ත ශ්‍රී ලංකික ප්‍රජාවම එයට සහයෝගය ලබාදෙනු ඇත

:       0       8

Aravinda Monarawila Tuesday, 28 May 2024 09:31 AM

ඒ හාරසිය එක්ක දේශපාලුවෝ සියයකුත් ඉන්නවා ඒකයි මොවුන් නිදැල්ලේ ඉන්නේ

:       1       10

Prabha Tuesday, 28 May 2024 11:13 AM

හොර නිලධාරීන් යහතින් ඉන්නේ දේශපාලන අනුග්‍රහය යහමින් ලැබෙන නිසයි

:       0       0

සෙනෙවිරත්න Tuesday, 28 May 2024 11:58 AM

ජයවීර මහත්තයෝ ඔයා, ජවිපෙන් රටේ සේරම වංචා නැතිකරගන්න හදනව නම් චන්දෙ දීල පත්කරගන්න උත්සාහ කරල තියෙනවද? ෆයිල් මිටි තියාගෙන ඉන්නව කියල අපහාස උපහාස කරන අයම තමයි ජවිපෙන් හරිදේ බලාපොරොත්තු වෙන්නෙ. හැබැයි චන්දෙ පල්හොරුන්ට දීල ජවිපෙට 3% යි කියනව.

:       3       2

සෙනෙවිරත්න Tuesday, 28 May 2024 11:59 AM

මේ අයගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා,ෆයිල් මිටිවල තියෙන්නෙ ඕව තමයි, අපි මාලිමාවෙ රජයක් පත්කරගමු.

:       3       4

ෆයිල් මිටිTuesday, 28 May 2024 12:34 PM

ඔය ෆයිල් මිටිවල තියන නඩු අහන්නෙ ලෝයර්ල නැතුවද.මොකද මාලිමා ආණ්ඩුවක් ආවත් තියෙන්නෙ මේ උසාවිම තමයි.

:       0       2

sunil Tuesday, 28 May 2024 06:32 PM

අපි සැවොම හෘද සාක්ෂියට එකඟව වැඩ කරමු. ඒ සඳහා එවැනිම පාලක පක්ෂයක් තෝරාගමු. නීතිය හා සාධාරණය රජකරන සමාජයක්..., සැමට එක නීතියක් ක්‍රියාත්මක වන රටක් හදමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 13 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


කැනඩාවට පනින්න ආ ඉන්දීය තරුණියක ඇතුළු තිදෙනකු පිටුවහල් කරයි
2024 නොවැම්බර් මස 24 77 0

ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත


කෙසෙල් ගෙඩිය රුපියල් කෝටි 180කට අලෙවි වේ
2024 නොවැම්බර් මස 24 140 0

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට


බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි
2024 නොවැම්බර් මස 24 293 0

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව


වැස්සෙන් උතුරේ පවුල් 4,162 ක් පීඩාවට
2024 නොවැම්බර් මස 24 3 0

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ


දිවි පිදූ රණ විරුවෝ සමරති
2024 නොවැම්බර් මස 24 49 0

සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 723 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site