IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හොර ලිපිහැදූ දෙකක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්,ඉතුරුම් පාස් පොත් හා බැංකු ලේඛන ඇතුළු රජයේ ඕනෑම ලේඛනයක් මුද්‍රණය කර ලබාදීමේ හොර කච්ඡේරියක් කඩවත ප්‍රදේශයේ  පවත්වාගෙන ගියේ යයි කියන  ග්‍රැපික් ඩිසයිනර්  හා ඔහුගේ ගෝලයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(15)නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද ජාතික හැඳුනුම්පත් 20ක්, රියදුරු බලපත් 36,ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම් කාඩ් රාශියක් හා කූට ලෙස සැකසූ රජයේ ලිපි ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කඩවත පදිංචි රොෂාන් ඩයස් සහ ඔහුගේ ගෝලයා වන ඉන්දික සඳරුවන් නැමැති පුද්ගලයින් දෙදෙනෙකි.

රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් අඩංගුවට ගත් බවත්,විමර්ශන අවසන් නොමැති බැවින් සැකරුවන්ටත්  බන්ධනා කර ගත කරන ලෙසත් රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

සැකකරුවන් විසින් පුද්ගලයින්ට අවශ්‍ය ඕනෑම ලිපි ලේඛනයක් සකසා දී තැ‍රැව්කරුවන් මගින් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්,whatsapp හා ෆේස්බුක් සමාජ ජාලා හරහා මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් කරුණු ඉදිරිපත් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුචිර දේව ප්‍රිය මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ පරිගණක දැනුම පිළිබද ඉහළ පරිචයක් ලබා ඇති සැකකරු සිය රැකියාව අහිමිවීමෙන් පසු මෙම සිද්ධියට ගොදුරු වීඇති බවය.දරුවන් දෙදෙනකුගෙන් යුත් ඔහුගේ වැඩිමහල් දරුවා මෙවර ශිෂ්‍යත්වයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ඇති බවත්,අනික් දරුවා පාසලට ඇතුළත් කිරීමට නියමිත බැවින් සුදුසු ඇපයත් නියන කරන ලෙසත් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.



අදහස් (1)

හොර ලිපිහැදූ දෙකක් රිමාන්ඩ්

AKS aththanagoda Saturday, 17 February 2024 01:01 PM

ශිරන්තිගේ හැඳුනුම්පත හැදුවේත් මෙයාද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 3 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 21 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 916 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 14 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1359 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2035 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site