(ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත පැන යාමට තැත් කළ ලාංකිකයෙකු අද(25) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම තැනැත්තා මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට පිවිසීම සඳහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මොහු ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා කටාර් ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ, ඔහු ඉදිරිපත් කළ, කැනඩාවේ නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව මතු වු ගැටළුවක් මත , එම ගුවන් සේවා නිලධාරීන් මෙම ලියකියවිලි සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත සැකකරු යොමු කර තිබේ.
එහිදී එම නිලධාරීන් කළ තාක්ෂණික පරීක්ෂාවලදී , මෙම නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කර ඇති බව අනාවරණය විය.
ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී, තමන් රුපියල් ලක්ෂ දෙකක් තැරැව්කරුවෙකු වෙත ලබා දී මෙම කැනඩා නේවාසික වීසා බලපත්‍රය සකස් කර ගත් බව හෙළිදරව් කළේය.
ඒ අනුව ඔහු සතුව පැවති ලියකියවිලි සමග ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර වීසා බලපත්‍රයකින් කැනඩාවට පනින්න යද්දී දැලේ
sunil Monday, 25 January 2021 01:02 PM
අනේ රටින් යන කෙනෙකුට යන්න දෙන්න. අද ලංකාවේ ඉඳලා හිඟා කන්නද?
Akbar Monday, 25 January 2021 03:13 PM
අහිංසකයාට යන්න දෙන්න තිබුණේ...
සෙනරත් Tuesday, 26 January 2021 07:31 AM
අනේ මන්දා.. කැනඩාවට කොහෙද හොර වීසා හදන්නේ? කැනඩාවට ඇතුලු වෙන්න වෙන්නේ නෑ. හරවලා යවනවා. කැනඩා රටේ නේවාසික පුද්ගලයින් ගේ නම් ලැයිස්තුව එයාපෝට් කම්පියුටර්වල තියෙනවා.