( ටී.කේ.ජී.කපිල )
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (11) ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අන් සතු ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම ව්‍යාජ ජර්මානු වීසා බලපත්‍රයක් සහිතව විදේශගත වීමට පැමිණි 29 හැවිරිදි තරුණිය යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි .
ඔවුන් දෙදෙනා අද (11) දින අලුයම 12.20 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 558 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.
කැනඩාව වෙත ගමන් කිරීමට තැත් කළ තැත්කළ පුද්ගලයා සතු ගුවන් ගමන් බලපත්‍රය වෙනත් අයකු සතු ගුවන් ගමන් බලපත්‍රයක් බව මෙම දේශසීමාව ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන්ගෙන් සහ අදාළ ගුවන් මගියාගෙන් සිදුකළ වාචික ප්‍රශ්න කිරීම් වල දී තහවුරු කර ගෙන තිබිණි .
එමෙන්ම ජර්මනිය බලා පිටත්ව යෑමට පැමිණි කාන්තාව සතු වූ වීසා බලපත්‍රය ද ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූට ලෙස සකස් කළ ව්‍යාජ එකක් බව මෙම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙම ව්‍යාජ වීසා බලපත්‍රය තමාට මොරටුව ප්‍රදේශයේ දී ලැබුණු බවත් , තමන් ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් එම තැරැව්කරුට ගෙවූ බවත් මෙම කාන්තාව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ .
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර වීසා වලින් රට යන්න හැදු දෙදෙනෙක් අත්අඩංගුවට
ajith Thursday, 11 March 2021 11:40 AM
අනේ පින්සිද්ද වෙයි.., යන කෙනෙකුට යන තැනකට යන්න දෙන්න. ලංකාවේ ඉඳලා හිඟා කන්නද?