IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හෙල්මට් නැතුව ගියාට පොලිසියෙන් ගුටි පූජාවක්

(සුමිත් පොතුපිටිය)

පයාගල පොලිසියේ රථවාහන අංශ නිළධාරින් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බව පොලිසිය කීය.

මෙම සිසුවා මිතුරෙකු සමග ඊයේ (07) පස්වරුවේ පියාට අයත් යතුරු පැදියෙන් අසල ඇති වෙළද සැලකට ගොස් ඇති අතර ,  මිතුරා හෙල්මට් පැළද සිට නොමැති බව පොලිසිය සදහන් කරයි.

ඒ බව දුටූ  පයාගල පොලිසියේ රථවාහන අංශ ජංගම නිළධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ විත් යතුරු පැදිය නවත්වා බැන වදිමින් යතුරු පැදිය අසලට පැමිණ තිබේ. ඒ මොහොත වනවිටත් එන්ජිම ක්‍රියාත්මකව තිබී ඇති අතර ,  බියටපත් පාසල් සිසුවා යතුරු පැදිය පනගන්වා අසල පිහිටි ඥාති නිවසක් වෙත  යතුරුපැදිය ධාවනය කර ඇති බව සදහන් වේ.

නැවත ඔවුන් ලුහුබැඳ පොලිස් නිළධාරින් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනේ පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාට කනේ පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර ,ඒ මොහොතේ ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර බූට් සපත්තුවෙන් තුනටිය ප්‍රදේශයේ පාගා ඇතිබවද සිසුවා වැඩිදුරටත් පැවසීය .

පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව් .ඒ. අසංක යන අය කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් තමාගේ පුතාට මෙන් තවත් දරුවෙකුට මෙවන් අමානුෂික පහරදීම සිදුනොකිරීමට කටයුතු කරන ලෙස බළධාරින්ගෙන් ඔහු ඉල්ලා සිටී.



අදහස් (8)

හෙල්මට් නැතුව ගියාට පොලිසියෙන් ගුටි පූජාවක්

ගමේ එකාලා Thursday, 08 August 2024 04:49 PM

පොලිස් සුනකයන්ට කිසිවකුට පහරදීමට අයිතියක් නැහැ .ඔවුන්ට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කළයුතුයි.

:       2       2

ජනරළ Thursday, 08 August 2024 05:02 PM

පොලිසිය ජනතාවගෙන් නීතිගරුකව ජීවත්වීම බලාපොරොත්තු වෙනවා වගේම ජනතාවත් පොලිසිය නීතිගරුකව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. එබැවින් මෙතැනදී වරදක් කලොත් ජනතාව නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලැබෙනවා සේම පොලිස් නිලධාරිනුත් නීතිය ඉක්මවා ගොස් වරදක් කර ඇති නම් ඔවුන්වද නීතිය ඉදිරියට පමුණුවා අධිකරණ ක්‍රියාමාර්ග වලට ලක් කළ යුතුයි.

:       0       0

Prabha Thursday, 08 August 2024 05:03 PM

මැරෙන්න ඕන එකාට මැරෙන්න දෙන්නේ නැතුව පොලිසියත් දා ගන්න ලෙඩ.

:       0       0

Prithi Thursday, 08 August 2024 07:39 PM

වන්දියක් ඉල්ලන්න

:       2       3

Nilantha Thursday, 08 August 2024 07:51 PM

පහර දීම කෙසේවත් අනුමත කරන්න බැහැ... ඒත් අවුරුදු 16 ක දරුවෙකුට රියදුරු බලපත්‍රය නැතුව මාර්ගයේ රිය ධාවනය සදහාත් හිස් ආවරණ නැතුව යාමට අවසරය දීමට කටයුතු කළ පියා දරුවන්ට ගහන්න එපා කියලා පැමිණිලි කරනවා. දරුවෝ ගුටිකාලා තියෙන්නේ අල්ලාගත්තාට පසුව පැනයාම නිසා පේනවා මෙහිදී පොලිසිය පියාට අවවාදයක් කරන්න ඕනෑ...

:       0       4

Gayantha wickramasinghe Thursday, 08 August 2024 09:05 PM

ඔහොම තමයි කරන්න ඕනෑ. පාසල් ළමයෙක් වුණත් රටක නිතිය පිලිපදින්න ඕනේ. ඔවුන් රේස් යන්නේ. පොඩි කාළේම හදන්න ඕනෑ. දෙමාපියොත් දැන ගන්න ඕනෑ දරුවන්ට ඕවා නොදී ඉන්න. උසාවි දාන්න තිබුනේ...!

:       1       6

Roshan Thursday, 08 August 2024 09:53 PM

මදාවි ළමයි හැදුවාම ඔහොම වෙනවා. පොලිස් අණට කීකරු වෙලා නැවැත්තුවා නම් ඔහොම ගුටි කන්නේ නැහැනේ...

:       0       6

කමල් Friday, 09 August 2024 03:53 AM

අම්මට තාත්තට කීවනම් මීට වැඩියේ කන්න වෙයි. හොදවෙලාවට පොලිසියට අහුවුනේ.

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5701 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3256 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1569 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28413 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site