හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් නවතම තාක්‍ෂණය අනුසාරයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන Kubota හි නවතම Kubota DC-93Gගොයම් කපන යන්ත්‍රය පසුගියදා වෙළෙඳපලට හඳුන්වා දුන්නේය. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්‍රිකල්ච ආයතනයේ පාරිභෝගිකයකු වන පොළොන්නරුවේ ඩී. සරත් ජයරත්න මහතා වෙත එහි පළමු යන්ත්‍රය පිරිනැමීය.
කුඹුරේ ස්වභාවය අනුව මෙම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය මඟින් දිනකට අක්කර 15ක පමණ උපරිම අස්වැන්නක් නෙළා ගත හැකි අතර වැටුණු ගොයමේ සහ එරෙන කුඹුරුවල ද පහසුවෙන් ගොයම් කැපීමේ හැකියාව සහිතය. වෙළෙඳපොළේ ඇති අනෙකුත් සියලුම මාදිලි වලට සාපේක්ෂව Kubota DC-93Gගොයම් කපන යන්ත්‍රය නවීන පහසුකම් වලින් සමන්විත වේ. මෙම නවතම නිමවුමෙහි ඇති ශක්තිමත් නිමාව තුළින් යන්ත්‍රයේ දිගු කාලීන පැවැත්ම සහතික කරන අතර පුළුල් කැපුම් තල මඟින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. එමෙන්ම අලෙවියෙන් පෙර හා පසු විශිෂ්ට සේවාව සමඟින් මෙම යන්ත්‍රයට අවශ්‍ය කුබෝටා නියම අමතර කොටස් ලබා ගැනීමේ පහසුකම් ද හේලීස් ඇග්‍රිකල්ච ආයතනය විසින් සලසා දී ඇත. අශ්ව බල 93ක ධාරිතාවක් සහිත ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන මෙම යන්ත්‍රය මඟින් වැඩි ඉන්ධන පිරිමැස්ම සහ වේගවත් බවක් ලබාදෙන අතර මෙය අවම කාලයක් වැය කොට ඉහළ ආදායමක් උපයා ගැනීමට ඉවහල් වන කදිම ආයෝජනයක් වනු ඇත.
මෙම නවතම යන්ත්‍රය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශයෙහි අධ්‍යක්ෂ / ව්‍යාපාර ඒකක ප්‍රධානී සුමිත් හේරත් මහතා මෙසේ පැවසුවේය. “ Kubota DC-93G ’’ ගොයම් කැපීමේ යන්ත්‍රය ගොවි ප්‍රජාවට හඳුන්වා දීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාවේ ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර තිබෙන මෙම යන්ත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ ඕනෑම කුඹුරක පහසුවෙන් සහ වැඩි කාර්යක්ෂමතාවකින් ගොයම් කපා ගැනීමේ අවස්ථාව හිමි කර දෙනවා. Kubota සමඟින්, තිරසාර සහ සමෘද්ධිමත් කෘෂිකර්මාන්තයක් කරා ගමන් කරන ගොවි ප්‍රජාවට සහාය වෙමින් ගොවිතැන් කටයුතු ඉහළ නැංවීම අපගේ අරමුණයි.”
595
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හේලිස් ඇග්‍රිකල්ච වෙතින් අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රයක් එළි දැක්වේ