IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


හෙවනැල්ලත් නැතිවෙන මොහොතක්

(ටී.කේ.ජී.කපිල )

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල එළඹෙන 07 දින දහවල් 12.12 ට  මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පැවසීය .

සූර්යයා සෑම වසරකම දෙවරක් අප රටට ඉහළින් මුදුන් වන බවත් , ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම එළඹෙන 07 දින දහවල් බලා ගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මෙසේ ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන් වීම  හෙට (04 )  දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වන අතර , පුරා දින 10 ක පමණ කාළයක් , සූර්යයා එසේ ශ්‍රී ලංකාවට ඉහලින් විවිධ ප්‍රදේශ වලට දහවල් කාළයේ මුදුන් වන බවත් , එළඹෙන 15 දින එය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී සිදු වන බවත් , ඉන්පසුව එම මුදුන් වීම ශ්‍රී ලංකාවෙන් බැහැරට යන බවත් අනුර සී.පෙරේරා මහතා පැවසීය .

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා 07 දින දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කදවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක් , යකඩ කූරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද අනුර සී.පෙරේරා මහතා සදහන් කළේය .

මෙම කාළය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිත අතර , රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත් , එය සමනය කිරීම සදහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .



අදහස් (3)

හෙවනැල්ලත් නැතිවෙන මොහොතක්

රනේ Thursday, 03 April 2025 11:57 AM

අපේ හෙවනැල්ල අපිව දාල ගිහිල්ල ගොඩක් කල්..

:       1       6

ravin Thursday, 03 April 2025 12:55 PM

ඒත් එක්කම දුෂිත දේශපාලුවොත් අපෙන් දුරුවෙනවා නම්?

:       1       5

Chandrasiri Thursday, 03 April 2025 02:53 PM

කළ හොද සෙවනැල්ල වගේ පස්සෙන්ම එනවා කියල බුදු දහමේ දැක්වෙනවා ඒකත් අපව හැරයාමට අපි කල වරද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි
2025 අප්‍රේල් මස 12 105 0

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල


සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි
2025 අප්‍රේල් මස 12 202 0

අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.


දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්
2025 අප්‍රේල් මස 12 137 0

කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි


නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු
2025 අප්‍රේල් මස 12 34 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?
2025 අප්‍රේල් මස 12 322 0

මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.


මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා
2025 අප්‍රේල් මස 12 397 0

සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site