IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හිස්බුල්ලාගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (09) අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදී.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 13 වනදා ට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය  පෙත්සම ජනවාරි මස 18 දා විභාගයට ගැනීමට දින නියම කළේය.

මෙම පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවිණි.

එහිදී රැදවුම්භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති බව කියා සිටියේය.

එම නඩුවට අදාළව ඇප නියම කරන ලෙස තම සේවාදායකයාගේ නීතිඥවරු පුත්තලම  මහාධිකරණයට ඉල්ලීම් ඉදිරිපත් කළත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (2) වගන්තිය යටතේ විත්තිකරු ඇප මත මුදා හැරීමට තමාට බලයක් නොමැති බව මහාධිකරණ විනිසුරුවරිය විසින් තීන්දුකර ඇති බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.

ඒ අනුව තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන මෙම ඇප ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් තමන්ට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

හිස්බුල්ලාගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 46 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 147 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 679 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 517 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1183 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1910 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site