IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


“හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නෑ’’

(නිමල කොඩිතුවක්කු)

සාධනීය විවේචන සාදරයෙන් භාර ගත්තත්  හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නැතැයි සමගි ජනබලවේගයේ නායක සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

සමගි ජන බලවේගය ”දේශපාලනය” වෙනුවට ”දේශ සේවය” කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් බවත් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඔවුන්ගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවීම එහි දර්ශනය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂයේ භූමිකාව නවීන ලෙසත් ජනතාවාදී ලෙසත් ඉටුකරන හේතුවෙන් ඇතැම් පාර්ශව බියට පත්වී ඇති නමුත් ඒ කිසිවක් තම ගමනට බාධාවක් නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීමේ වැඩසටහනට විපක්ෂ නායක කාර්යාල දී එක්වෙමින් ඔහු  මේ බව පැවසීය.

“අපි යන දිසාව මොකක්ද කියලා කවුරුහරි ප්‍රශ්න කරනවා නම් අපි යන දිශාවක එක සලකුණක් කියලා විපක්ෂයෙන් හුස්මක්  වැඩසටහන අපි ඒ අයට පෙන්නනවා. අපේ ගමනේ අර්ථය දේශයට සේවයක් සිද්ධ කිරීමයි. ඒ අරමුනින් තමයි අපි මේ සියලු දේ සිදුකරන්නේ.

අපේ දර්ශනය කට වචනයෙන්වත් ,ප්‍රතිඥා වලින්වත් ,ප්‍රතිපත්ති ප්‍රකාශන වලින්වත් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. හදවත පිරිසිදු නම්, ගමන නිවැරදි නම් එයින් රටට ජනතාවට වැඩක් කෙරෙනවා නම්, අන්න එතැනදී ජනතාවගේ අපේක්ෂාවන් සපල වෙනවා.

අර්ථයක් ඇති ,ජනතාව වෙනුවෙන් අපේ ගමනට ප්‍රයෝජනවත්වන ඕනෑම විවේචනයක් දරා ගන්නටත් ඒවාට ඇහුම්කන් දෙන්නටත අපි කිසි විටෙකත් පසුබට වන්නේ නැහැ. හිස් අවලාද ලෙස නගන අර්ථ විරහිත විවේචන පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් අපි ගණන් ගන්නේ නැහැ” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (14)

“හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නෑ’’

මානවඩු Wednesday, 29 September 2021 10:15 PM

පාඨලී, රුවන්, හර්ෂ, අකිල වැනි බුද්ධියෙන් හා හැකියාවෙන් වැඩි පිරිසක් වෙත නායකත්වය හිමිවිය යුතු බව පැහැදිලිව පෙනේ.

:       0       0

nihal Thursday, 30 September 2021 01:58 AM

අපේ රටට හෙණ ගහලා තියෙන කරුණක් තමයි, ඉදිරිය දකින ප්‍රාණවත් විපක්ෂ නායකයෙක් නොමැතිකම...බයිලා කිය කිය වටේ යනවා..

:       0       0

පප්ප Thursday, 30 September 2021 05:50 AM

මහත්තයො තමුන්නැහේ තමුන් අලුත හදපු පක්ෂෙට ලොකු හානියක් කරගත්ත ,අර අප්පොච්චිගෙන් ඇමතිකමක් ගන්න තම නායකය , කන්ඩායම පාවා දිල , මේකද අප භලා පොරොත්තුවන වෙනස.

:       0       1

Raveendra Thursday, 30 September 2021 06:22 AM

”දේශපාලනය” වෙනුවට ”දේශ සේවය” මෙම වචන ටිකේ නිසි අර්ථය දන්නවා නම් මේ වසංගතය බයානක ලෙස බෝවෙන අවස්තාවක නොවේද මාගේ දුගී දුප්පත් මහජනතාව උද්ගෝෂණ, වැඩවර්ජන වලට කුලප්පු කරමින් පාරවල් දිගේ කෑමොර දුන්නේ .එමගින් රෝගය ව්‍යාප්ත උනේ නැද්ද ?? ඒ තමන්ගේ පටු "දේශපාලන" අවස්‍යතාවය නොවේද ? එහි ඇත්තේ කුමන "දේශ සේවයක්ද" ?

:       1       1

Chandima Thursday, 30 September 2021 07:50 AM

ඔයාගේ බයිලා හිට් වෙන්නේ නෑ .මේ කාලේ හැමෝම බලන්නේ යෝහානිගේ සිංදු

:       2       2

lelwala Thursday, 30 September 2021 07:54 AM

ඔහු වෙනස් කළ යුතුද? ඔහු කෙඳිරිගාමින් කරන ආර්ථික සැලැස්මක් ඔහුට නැත. ඔහු හොඳ නරක කුමක්ද කියා බලන්නේ නැත. ඔහු රජය කරන සෑම දෙයකටම විරුද්ධ ය. ඒ ඔහුගේ දේශපාලන නාටකයයි.

:       2       1

චන්දන Thursday, 30 September 2021 08:38 AM

ඔබතුමා නිකුත් කරන නිවේදන , තැන් තැන් වල කියන කතාත් අපි පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නෙ නැහැ කියල දන්නවා ද .

:       1       2

හිස් කතා වලින් වැළකෙමු Thursday, 30 September 2021 10:01 AM

එතකොට හිස් කතා .ඔයාල අවුරුදූ 30-40 දේශපාලනේ ඉඳල ඔයාලා පෝසත් වෙලා රට ණය වෙලා.සාටක , ඉඳි අප්ප ප්‍රේමේ ඔක්කොම කලේ කාපු එක තමා.

:       1       4

වාසුදේව Thursday, 30 September 2021 10:55 AM

හරියට හරි විපක්ශ නායක තුමා...ඔබතුමා ඔය යන ගමන සීරුවේ යන්න.අද රටේ පරිපාලනය බැලුවම...රටේ ආණ්ඩුවක් තියෙනවද කියලවත් හිතන්න බැහැ.ඒ තරමට මිනිස්සුන්ට එපා වෙලා.ඔබතුමා පහුගිය ජනාධිපතිවරණයේදී චන්ද ලක්ශ 56ක් ගත්ත එකේ...ඔබතුමාට ඊලග ජය නියතයි .

:       6       3

Shantha- Qatar Thursday, 30 September 2021 12:17 PM

මෙයාට නම් බාගෙට පිස්සු ,වැරැද්ද මෙයාගේ නෙවේ .මෙයාට උපදෙස් දෙන කෙනාගේ වෙන්න ඕනේ

:       1       2

SUNIL MILANO Thursday, 30 September 2021 12:18 PM

හිස් බස් දොඩවන අයට, හිස් අවලාද අහන්න වෙනවාම තමයි

:       2       3

fairoos Thursday, 30 September 2021 12:54 PM

වහල්ලුන්ටයි, බයියන්ටයි මේවා තේරෙන්නේ නැහැ...

:       0       0

beau Thursday, 30 September 2021 01:12 PM

මෙයාලාගෙන් අපට ලැබෙන්නේ මෙයාගෙන්...

:       0       0

Bamunuarachchi Thursday, 30 September 2021 04:38 PM

අපිත් ඔහේගේ නාහින් ඇඬිල්ල කෙළපිඩක් තරම්වත් ගණන් ගන්නේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1645 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 326 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 667 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4254 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 573 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3186 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site