(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අම්පාර හාඩි කෘෂිකර්ම උසස් අධ්‍යාපන ආයතනයේ ඇතැම් නේවාසිකාගාර කුකුල් කූඩු වගේ යැයි අගමැතිනි,අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
එමෙන්ම කිලිනොච්චියේ ජර්මන් ජර්මන් ටෙක් ආයතනයේ ශිෂ්‍යයන් නාන්නේ එහි කාර්යාලවල වැසිකිළිවල බවද ඇය ප්‍රකාශ කළාය.
අගමැතිනිය මෙසේ පැවසුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය.
මම අම්පාරි හාඩි ආයතනයට ඊයෙ ගියා. ඒකෙ තියෙන පහසුකම් ගැන මම ඇත්තටම පුදුම උනා.
1995 ආරම්භ කරපු උසස් අධ්‍යාපන ආයතනයක්. ළමයි ඉන්න තත්වය දැක්කම පුදුම හිතෙනවා. මම ඒ පින්තූර සභාගත කරනවා. ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර කුකුල් කොටු වගේයි. වයර් දාලා තියෙන්නේ.ලයිට් නෑ හරියට. මදුරුවෝ. මෙට්ට නැහැ ඇඳේ නිකන් පොඩි පන්ච් කෑල්ලක් දාලා තියෙන්නේ. ඒ දරුවන් උයාගෙන කන්නේ.කුස්සිය හැටි දැක්කම එතන උයන්නේ කොහොමද කියලා හිතෙනවා. ඒ දරුවන් දවසකට එකපාරයි රෑට විතරයි උයාගෙන කන්නේ. මොකද වෙලාව නෑ.
ගොවිපළක් තියෙනවා. එළුව දෙන්නෙක් විතරක් එහෙන් මෙහෙන් දැක්කා. 1955 දී කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් දකුණු ආසියාවටම හදපු අධ්‍යාපන ආයතනය තමයි මේ. මේවා කිසි දෙයකට අවධානය ගිහින් නැහැ. ඒ වගේ තත්ත්වයක් කිරිනොච්චියේ ජර්මන් ටෙක් එකෙත් තියෙනවා. ළමයි ගැන කිසිම අවධානයක් යොමු කරලා නැහැ.
ළමයි නාන්නෙ ඒක ඔෆිස් එකේ ටොයිලට් වල. නේවාසිකාගාර නැහැ. මේවා නැතුව ළමයින්ට තමන්ගෙ පෞරුෂය ගැනීම හැඟීමක් දෙන්නේ කොහොමද. මොන වගේ අයද මේ වගේ තැන් වලින් පිට කරන්නේ. උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් කෝටි 3680ක් වෙන් කරලා තියෙනවා.
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරී
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අති
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරයෙක් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුව
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය වෛද්‍යවරයාගේ හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිදු වූ
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 6160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හාඩි සිසු දුක අගමැති මැති සබයට කියයි
Duminda Udayakumara Tuesday, 11 March 2025 09:39 AM
කලින් හිටපු උන් දැක්කේ ඇමැති නිල නිවාස අඩු පාඩු විතරයි
mahanama Tuesday, 11 March 2025 10:03 AM
ඔබතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය පරීක්ෂා කරන්නකෝ. ඒවත් එහෙමමයි. ඒවායේ වෝඩ්න්ලා ගැන ඒ අයගේ විනය ගැන බලන්නකෝ.
fairoos Tuesday, 11 March 2025 12:16 PM
මේ ආණ්ඩුවෙන් මේවා වෙනස් කරන්ඩ පුළුවන් වේවා