IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට

(අංජුල මහික වීරරත්න)

සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද අලුත්ගමගේ මහතා කීය.

වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බව කී අලුත්ගමගේ මහතා මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද සඳහන් කළේය.

බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (6)

හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට

Pathum Monday, 26 July 2021 05:47 PM

ඔව්වා කෙරෙන වැඩ නෙවෙයි...

:       0       0

WCA Monday, 26 July 2021 07:10 PM

හරිනේ... ඒ කියන්නේ හාල්මිල තීරණය කලේ මුදලාලිලා නේද? ඔය කියන විදියට තාම මාෆියාව තියෙනවා නේද? ඔය මිල අඩු කළත් ඒ වෙන්නේ ඔය මාෆියාවේ ඩීල් එකක් විදියටම නේද? කාවද මේ රවට්ටන්නේ..?

:       0       0

දිසා........ගම්පහ. Monday, 26 July 2021 08:43 PM

ජනතාව ගැන සිතා සහල් මිල ගණන් අඩුකිරීම විය යුතුම දෙයක්. සියලුම සහල් මිල අඩු කළ යුතු අතර සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අන්දමට සහල් කිලෝවක් රුපියල් 20 කින් අඩු කරමින් නාඩු සහල් කිලෝවක් රුපියල් 76 ක් විය යුතුයි.

:       0       0

Bempi Tuesday, 27 July 2021 05:41 AM

මෙයා පචබාහු කෙනෙක්... කිසිම වැඩක් හරියට කරන්න බැහැ... කඩේ යන එක හැර.. මේ රංචුවට දෙයියන්ගේ හාල් කැවිලා...

:       0       0

Puppa Tuesday, 27 July 2021 06:12 AM

මේ ඔක්කොම බොරු, මේ අය කට ඇරියොත් කියන්නේ පච... මේ අය කියන පච දාන්නේ ඇයි?

:       0       0

Sunil Tuesday, 27 July 2021 06:38 AM

මේ කරන්න යන්නේ පොහොර හිඟයෙනුත් බැට කන ගොවීන්ට ලැබිය යුතු සොච්චම් මුදලත් අහිමි කරන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බන්ධනාගාර රැඳවියන්ටත් නත්තල්
2024 දෙසැම්බර් මස 23 48 0

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ වැඩසටහනක් මේ මස 25 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ


මැණික් සභාපති ’’මැණික්’’ වැඩක් කරයි
2024 දෙසැම්බර් මස 23 409 0

වැටුප් දීමනා නොමැතිව කටයුතු කරන බව මැණික් හා ස්වර්ණාභරණ පරියේෂණ ආයතනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.


හොර නෝට්ටු සිද්ධිය සිසුන්ට ඇප.නාට්‍ය අධ්‍යක්ෂ දෙකක් රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 23 394 0

ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 58 ක් ලඟ තබාගෙන එම මුදල් නෝට්ටු දී කිසියම් භාණ්ඩයක් මිළදී ගැනීමට යාමේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පාස


නොවැම්බර් උද්ධමන සියයට -1.7 යි
2024 දෙසැම්බර් මස 23 316 0

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට -1.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛ


හදිසි ප්‍රතිකාර විද්‍යායතනයට නව සභාපතිවරයෙක්
2024 දෙසැම්බර් මස 23 456 0

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති මගින් වලක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමා


දිගන හොර සල්ලි සිද්ධියට චිත්‍රපට අධ්‍යක්ෂ,කලා අධ්‍යක්ෂ අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 23 1341 0

දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිස


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 63 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 42 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site