IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


හිටපු ආණ්ඩුකාරවරයකු අක්කර 18 ක් අල්ලාගෙනලු:චෝදනා බොරුලු

(යොහාන් භාසුර)

හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගහපැලැස්ස රක්‍ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 ක් අත්පත් කරගනෙ ඇතැයි අමාත්‍ය සමන්ත ව්‍යාරත්න මහතා පවසයි.

එම අත්පත්කර ගැනීමට තෙන්නකෝන් මහතා වෙනත් නමක් සහ ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංකයක් පාවිච්චි කර ඇති බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද (9) පැවසීය.

හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මහලන්ද වසමේ අන්නාසිගල ගොවි ව්‍යාපාරයේ වගා බීමකට සහ උණාකන්ද යන ගමට විදුලිය දීමේ ව්‍යාපෘතියකට ජාතික ජනබලවේගයේ ඇමතිවරයෙක් බාධා කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වූ විශේෂ මාධධ්‍ය හමුවේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා එසේ පැවසීය.

කීර්ති තෙන්නකෝන් මහතා එම ඉඩම අත්පත්කරගැනීමට කේ. ටී රංජිත් යැයි නමක් සහ ව්‍යාජ හැදුනුම්පත් අංකයක් යොදාගනෙ ඇති බවත් ඉඩම් ගැනීමට යොමු කළ හැදුනුම්පත් අංකයේ ඉලක්කම් 13 ක් ඇතුළත් බවත් අමාත්‍යවරයා කීය.

මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

කීර්ති තෙන්නකෝන් මහතා සමඟ ඉඩම් අත්පත්කරගත් පුද්ගලයන් අතර වෘත්තිකයන් සහ ව්‍යාපාරිකතයන් සිටින බවත් තෙන්නකෝන් මහතා පමණක් මඩින් අක්කර 5 ක් සහ ගොඩින් අක්කර 13 ක් සමඟ අක්කර 18 ක් භුක්කි විදින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතකිවරයා ලෙස පත්වීමෙන් පසුව ‘ගම සමඟ පිළිසඳර’ වැඩසහනේදී කටවචනය චක්‍රලේඛණ යැයි පැවසීමෙන් ප්‍රයෝජනය ගනිමින් ජාවාරම්කාර පිරිසක් සහ සමහරක් ගම්මු ඔවුන්ගේ පාරම්පරික ඉඩම් රක්‍ෂිතයට ඇතුළත්ව ඇති නිසා ඒවා නිදහස් කරන ලෙස කළ ඉල්ලීම් කළ බවත් එම කටවචනය ප්‍රයෝජනයට ගනිමින් ජාවාරම්කාර කණ්ඩායමක් නිලධාරීන්ට උපදෙස්දී ඉඩම් අක්කර 5,482 ක් කොල්ලකාරි ලෙස බුක්තිය අරගෙනතියෙනවා.

කෝටි 12 ක් වියදම් කරන විදුලි ව්‍යාපෘතියෙන් දැඩි පරිසර හානියක් සහ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පැමිණිළි ලැබුණු බවත් ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටි බවත් විද්‍යාරත්න මහතා කීය.

ජාවාරම්කාරයන්ගේ නොව ගම්මුන්ගේ පාරම්පාරික ඉඩම් නිදහස් කිරීමට සහ විදුලිදීමට කිසිඳු විරෝධයක් නොමැති බවත් කෝටි 12 ක් වැය කර විදුලි ජාවාරම්කරුවන්ගේ ගොවිබිම් දක්වා ගෙනගොස් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කීර්ති තෙන්නකෝන් මහතාගෙන් මෙම චෝදනාව පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඉඩමක් අත්පත්කර ගත්තේ යැයි කරන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එම ඉඩම ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන කාලයේ ගත් එකක් නොවන බවත්ය.

එම ප්‍රදේශයේ වඩාත් දුෂ්කරව ජීවත් වන පවුල් 240 ක් පමණ පදිංචිව සිටින බවත් තමන්ට එම ගම්මානය සමඟ වසර 20 කටට අධික සම්බන්ධයක් ඇති බවත් තෙන්නකෝන් මහතා කීය. එම ගම්මානවල ජනතාව උමාඔය ව්‍යාපෘතියට පක්‍ෂව සිටි පිරිසක් වීම නිසා සමන්ත විද්‍යාරත්න මහතාට එම ජනතාව සමඟ ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් එම ගම්මානවලට විදුලි සැපයුම දීම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බවත් තෙන්නකෝන් මහතා පැවසීය.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කළ චෝදනා පිලිබඳව මේ මොහොත වන විට හොදින් දැනුවත් නොමැති බව කී තෙන්නකෝන් මහතා එම චෝදනාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

හිටපු ආණ්ඩුකාරවරයකු අක්කර 18 ක් අල්ලාගෙනලු:චෝදනා බොරුලු

ඔබේ අදහස් එවන්න

 

 

දියත

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 15දා
2025 ජනවාරි මස 10 29 0

රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 15 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


පළාත් කිහිපයකට තද වැසි
2025 ජනවාරි මස 10 76 0

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවේ.


හිටපු ආණ්ඩුකාරවරයකු අක්කර 18 ක් අල්ලාගෙනලු:චෝදනා බොරුලු
2025 ජනවාරි මස 09 2278 0

හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා


අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා
2025 ජනවාරි මස 09 1659 0

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක්
2025 ජනවාරි මස 09 755 0

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම


මරදාන දුම්රිය පාලමෙන් වැටී කාන්තාවක් ජාතික රෝහලේ
2025 ජනවාරි මස 09 26 0

මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 67 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 497 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 264 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site