IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනවුවාය.

ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන භාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස විදේශ ගමන් තහනමක් පැනවුවාය.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතියය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රථගාලේ සැකකටයුතු අන්දමින් කාර් රථයක් නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්හ.

එම විමර්ශන වලදී ජර්මනියේ නිශ්පාදිත මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය එංගලන්තයට යවන බව පවසා හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බවත් පසුව කාර් රථය මෙරට ලියාපදිංචි නොකර වෙනත් මෝටර් රථයකට නිකුත් කළ අංක තහඩුවක් ව්‍යාජ ලෙස සවිකර මෙම කාර් රථය භාවිතා කර ඇති බවත් දැනුම් දුන් නිලධාරීහු මෙම රථය මෙරටට ගෙන්වුයේ කවුද? භාවිතා කළේ කවද? යන්න පිළිබඳ පු`ථල් විමර්ශනයක් ආරම්භ කර අතැයිද දැනුම් දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන හෙයින් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලන නියෝගයක් නිකුත කරන්නැයි ඉල්ලා සිටියහ.

පොලිසියේ ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කළාය.

 



අදහස් (6)

හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි

පිටරටවැසියා Thursday, 10 October 2024 06:04 PM

දියවන්නාවේ හිටපු බහුතරයක් ගාව තියෙන වාහන ඔය වගේ තමයි. ගොඩක් වෙලාවට පස්සෙන් යන බැකප් ජීප් රථ, නොම්මර නැති, එකලස් කරනලද හෝ ලියාපදිංචි කළ නොහැකි රථ...!

:       0       22

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 06:08 PM

නගරාධිපතියාගේ ඇගේ මයිල් ගහක්වත් අත තියන්න දෙන්නේ නැහැ කියලා කයිවාරු ගැහුවා නේද? දැන් ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ මයිල් ගස්වලට මොකද වෙන්නේ කියලා...!

:       0       21

sathyapala Thursday, 10 October 2024 06:21 PM

225 ටම පෙනෙන්න කපුටු තටුවක් එල්ලයි වගේ ළඟදීම...

:       0       21

කුකුල් චමින්ද Thursday, 10 October 2024 06:50 PM

මේ වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා.

:       0       8

Nihal Dharmatileke Thursday, 10 October 2024 07:01 PM

ඔන්න තවත් හොර පොහොට්ටුවක්...

:       0       7

Oscar Thursday, 10 October 2024 07:40 PM

ජම්පර් ඵකට මෙෂර්මන්ට් ගන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 63 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 183 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


සුදු සීනි තොග මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 10 158 0

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 460 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී
2024 ඔක්තෝබර් මස 10 126 0

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 477 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39770 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 69 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1248 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site