(සුමිත් පොතුපිටිය )
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේ බව සදහන් වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන් ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .
එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයෙන් බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිෂමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025) ලබන වසරේ මාර්තු මස 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන
කොළඹ කොටස් වෙළෙඳපොලේ වර්තමාන වර්ධනයට රට තුළ පවතින අඩු පොලී අනුපාත ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දේශීය ආයෝජකයන් ස්ථාවර තැන්පත් වැනි ආයෝ
මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ති
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ උපදේශක යුවාන් රුයිඩොං මහතා ඇතුළු දූත පි
ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනු
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
හිටපු ජනපතිට සුභ පතන්න ගිය ලංගමයේ හයකගේ වැඩ තහනම්
බකල ජයා Wednesday, 18 December 2024 06:19 PM
පප්පා හිටියා නම් කියලා හිතෙන්නේ ඒ හය දෙනාටයි, ඒ හය දෙනාගේ පවුල්වල අයටයි, ඒ හය දෙනාගේ ගෙවල්වල සත්තුන්ටයි, පප්පාගේ පක්ෂෙ අයටයි, පප්පාගේ ඡන්ද දායකයින්ටයි විතරද?