IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


හිටපු ජනපතින්ගේ සියලු වරප්‍රසාද කපා දමනවා



(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ අය බලාගැනීම ජනතාවගේ වගකීමක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදද අඩුවිය යුතු බව ප්‍රකාශ කළේයජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ගාල්ල බද්දේගම කුම්මෙ ක්‍රීඩාංගනයේදී  පැවැති මහ මැතිවරණ ප්‍රචාරක රැලියේදීය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය අඩු වෙන්න ඕන. ඔවුන් වෙනුවෙන් දරණ වැය බර අඩු වෙන්න ඕන. ජනාධිපතිවරයා වෙනුවෙන් වැය කරනඅඩු කරන්න ඕන. හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැය කරන වැය බර මුළුමනින්ම අඩු කරන්න ඕන. දැන් අපි ඒවට කමිටුවක් දාලා තියෙනවා. සමහර වරප්‍රසාද චක්‍රලේඛවලින් දීලා තියෙනවා සමහර ඒවා පනත් වලින් දීලා තියෙනවා.

සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තියෙනවා. චක්‍රලේඛ වෙනස් කරන්නේ කොහොමද පනත් කොහොමද වෙනස් කරන්නේ කියලා අපි සොයා බලනවා හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා.මේවා කරන්න බැහැ පොඩි ගණන් නොවේ. ආරක්ෂකයන් එකසිය හැට තුනක් ඉල්ලනවා. ඇම්බියුලන්ස් කාර් ජීප් රථ බීඑම් ඩබ්ලිව්  ය දාහතක් දහ අටක් ඉල්ලනවා. ගෙදර ඉන්න ගානට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ.

එයාල හිතනවා ජනාධිපති වෙලා ගෙදර ගියාට පස්සේ එයාලා බලාගන්න එක ජනතාවගේ වගකීමක් කියලා. ඒගොල්ල බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි. ඒවා ඉතා ඉක්මනින් අපි ඉවත් කරනවා. මතක තියාගන්න හැම නායකයාට ඇහෙන්නම කියන්නේ. මේක පළිගැනීම නොවෙයි. කාත් එක්ක හරි කෝපෙන් කරන වැඩක් වත් නෙවෙයි. මේ දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන්න ඕන. ඇයි ගරු ඇමති අතිගරු ජනාධිපති කියන්නේ ඇයි

අතිගරු සේවය ගරු සේවය. මේක හොඳ අතිගරු සේවය.ඉන්නකොට බලාගන්නත් ඕන ගිහිල්ලා බලාගන්නත් ඕනා. මේවා නතර කරන්න ඕනෙ නැද්ද නතර කරනවා අපි මේවා.


 



අදහස් (6)

හිටපු ජනපතින්ගේ සියලු වරප්‍රසාද කපා දමනවා

ලුම්බිණි Monday, 28 October 2024 09:18 AM

හරියට හරි .

:       14       33

තිත්ත ඇත්ත Monday, 28 October 2024 09:56 AM

මේකත් කියන්න ඕනේ: අද ලෝකයේ කොහේවත් ජනතාවට සේවය කරන්න විතරක්ම දේශපාලනයේ නිරතවෙන අය නැහැ. විශේෂයෙන්ම ලංකාව වගේ දුර්වල ආර්ථිකයක් තියෙන පොඩි රටක, තමන්ගේ ආදායම් මාර්ග පැත්තකට දමලා, මහජන සේවයට සම්පූර්ණයෙන් කැපවෙන්න කැමති, රාජ්‍ය පාලනයට අවශ්‍ය දැනුම සහ පලපුරුද්ද තියෙන, වයස අවුරුදු 70ට අඩු අය නැහැ.

:       8       23

Nalin s Monday, 28 October 2024 10:01 AM

ඔබ බලය ලබා දිනක් ඇතුළත එය කරන බවට ඔබ අපට පොරොන්දු වුණා. ඇයි බලන් ඉන්නේ..

:       6       38

Sugath Monday, 28 October 2024 10:26 AM

AKD එල කොල්ලෙක්! 2/3 බහුතරය NPP යට

:       13       14

අමා Monday, 28 October 2024 10:50 AM

මෙයාගෙ වැඩ කටින් විතරයි.

:       16       16

chamara silva Monday, 28 October 2024 10:52 AM

නූතන බයිලා චක්‍රවර්තී - lafa kumara

:       16       17

ඔබේ අදහස් එවන්න

දියත

රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි
2024 ඔක්තෝබර් මස 28 56 0

බේරුවල නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත් ත්‍රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්
2024 ඔක්තෝබර් මස 28 103 0

පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක දුම


පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙකක් දැලේ
2024 ඔක්තෝබර් මස 28 174 0

බලපත්‍ර නොමැතිව මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එකේ කණුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව පදවිය පොලි


යතුරුපැදි වේගයෙන් පැදවූ 7ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 28 230 0

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයින් හත් දෙනෙක් යතුරු පැදිද සමඟ ත


සර්ව ආගමික ස්ථානවලට නොමිලේ සූර්යපැනල
2024 ඔක්තෝබර් මස 28 538 1

දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ.


ඉන්දීය ධීවරයෝ 12ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 28 94 0

යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 992 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site