(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ඉකුත් මාස එකොළහේදී මහජන මුදලින් රුපියල් මිලියන 1488ක වැය බරක් දරා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.
දේශපාලකයන්ගේ කටයුතු වලට මහජන මුදල් අසීමිත ලෙස වියදම් කිරීම මහජන අප්‍රසාදයට හේතු වුණා. ඒ නිසා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අප කටයුතු කළා.
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම ගැන ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා.
ජනපති හිමිකම් පනත අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන ලෙස කියා තිබෙනවා.කොපමණ ආරක්ෂාවක් දිය යුතු යැයි එයින් කියා නැහැ.ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කියන්නේ මොන පදනම මතද?
අප කිසිවිටක මතුපිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ ගන්නේ නැහැ. හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජන පිළිබඳ සැලකීමට ලක් කොට ආරක්ෂාව දෙන ලෙස චිත්‍රසිරි කමිටුව විසින්ද දැනුම් දී තිබෙනවා.
මෙය හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව නිසි ඇගයීමකින් පසු අතිරික්ත පිරිස ඉවත් කිරීමයි. මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන කළ දෙයක් නොවේ.
පොලිසියේ 60ක් හා ත්‍රිවිධ හමුදාවේ 228ක් මහින්ද රාජපක්ෂ මහතාට සිටිනවා.
පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය රියෙ අවසර ලබා දුන
පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන්ගේ එම වාර්තා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අද(17) සිට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ ස
පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා භාර නොදී පැහැර හැරි අපේක්ෂකයන් එක්දහස් හතළිස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි අභියෝග කරමින
වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (17) දහවල් වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් ම
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
වික්‍රම විද්‍රර Tuesday, 17 December 2024 01:14 PM
ඇත්තටම ඔයාලට ආරක්ෂාව සපයන්න CID එක පොලිසිය, හමුදා ඔත්තු සේවා ලංකාවේ තියෙනවා. මෙයාලට ආරක්ෂාවට 10ක් හිටියාම හොදටම ඇති. ඕන නම් ලේකම් කෙනෙක් දෙනවා. නැතුව 200-300, 500 ගණන් හිටියම ආරක්ෂාවට අදාළ තොරතුරුත් පිටතට යන්න පුළුවන්.. නිවාඩු අරං මාරුවෙන් මාරුවට වැඩ කරන්න 10ක් හිටියාම වැඩිත් එක්ක.
චින්තක Tuesday, 17 December 2024 02:20 PM
ඉතාමත්ම හොද තීරණයක් , පොලිස් කොස්තාපල් දෙදෙනෙකු, හැර කිසිම වියදමක් මෙයාලගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න එපා.