(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හැර අනෙක් හිටපු ජනාධිපතිවරුන් මෙලෙස තම වැඩිපුර වාහනය ජනාධිපති කාර්යාලයට බාරදී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත කළ ලිඛිත දැනුම් දීමට අනුව මෙම වාහන බාරදී තිබේ.
ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් 19 දින නිකුත් කළ අදාළ ලිපියෙන් දැනුම් දී තිබුනේ අප්‍රේල් 23 වැනිදාට පෙර අදාළ වාහනය ජනාධිපති කාර්යාලයට බාර දෙන ලෙසයි.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ ලෑන්ඩ් කෘෂර් V8 රථය ඉකුත් 28 වැනිදා ද ,මෛත්‍රීපාල සිරිසේන මහතා පාවිච්චි කළ ලෙක්සස් ඩිපෙන්ඩර් රථය ඉකුත් 24 වැනිදා ද,ගෝඨාභය රාජපක්ෂ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් රෝවර් ජීප් රථය ඉකුත් 23 වැනිදා ද , රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි කළ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ රථය 28 වැනිදා ද ජනාධිපති කාර්යාලයට බාර දී තිබෙන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා කීය.
කැබිනට් අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් හිටපු ජනාධිපතිවරුන්ට හිමි වාහන ගණනද දෙකකට සීමා කර තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
ඩුප්ලිකේට් වලව් Wednesday, 30 April 2025 07:27 AM
එහෙමනෙ ඉන්ඩ ඕනේ! අනික් කෙනාට ගායිකාවො එන සැලුන් එකේ නළුවත් එක්ක වැඩට යන්න වාහන වැඩියෙන් අවශ්‍යයි.
ජිල්බු Wednesday, 30 April 2025 10:24 AM
උපදේශක කාලෙ ගැන මතක සටහනක් ඉල්ලගන්න ගියාම ඔහුට ලැබුණේ කපපු කොන්ඩයක්.
කෝරළගේ Wednesday, 30 April 2025 07:37 AM
මේ සියලු දෙනාම බලය තිබුණ කාලේ මහජන මුදල් ප්‍රකෝටි ගනම් වියඩම් කරලා තමන්ගේ මුලු හත්මුතු පරම් පරාවම සූර සැප වින්දා. අද වෙනකොට අනුර ජනාධිපතිතුමා තමන්ගේ වියදම් බිංදුව කරලා ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදා නොදුටු රටට ලොකු ආදර්ශයක් දෙමින් රට නියම මාර්ගයට ගෙන එමින් තිබෙනව.ඒ නිසාම පලාත් පාලන ඡන්දයෙන් මාලිමා රජය සෑම පලාතක්ම අති බහුතරයකින් දින විය යුතුය.
Perera Wednesday, 30 April 2025 07:52 AM
වලව්වේ හාමුට ගමේ කොල්ලාගේ ආණ්ඩුවේ අනසකට අවනත වෙන්න බැරුව ඇති
පිස්සු යකෙක් Wednesday, 30 April 2025 08:30 AM
ඉතිං ඇයි අපි ඉතුරු දෙකක් නඩත්තු කරන්නේ ? ලෝකයේ වෙන රටවල විශ්‍රාම ගිය දේශපාලනකයෝ නඩත්තු කරන්න මහජන ධනය භාවිතා කරන්නේ නෑ .අපි කෝච්චි බස් වල තෙරපිලා බයික් වල වැස්සේ නාගෙන මුන්ව නඩත්තු කරනවා ....කරුමයක් මේක
කව්ද බෝයි Wednesday, 30 April 2025 08:54 AM
කොල්ලටයි, බල්ලටයි යන්න තිබුණ අමතර වාහනේ බාරදීලා. දැන් ඉතිං උන්ට යන්න වෙන්නෙ උතුමාණන්ගේ බැකප් රථයෙන් තමයි.
Sarath Wednesday, 30 April 2025 09:34 AM
මයිත්‍රී උනත් ... බලපංකෝ... කාලකන්නි ජෙප්පෝ වගේ... මාලිමා හිඟන්නෝ වගේ හිතපු ජනපතිලට "වාහන" මේනියාවක් නෑ බන්... එවුන් හොඳ පරම්පරාවලින් ආපු මිනිස්සු... පොඩ්ඩකට අවුල් මයිත්‍රී විතරයි... ඌ ඉතින් ග්‍රාමසේවකයා ..ඒකට මාලිමා ගොන්නු... උඹලට දෙනාවා වැඩි දුර යන්න නොදී අපි.
wikkama sinhayaWednesday, 30 April 2025 10:45 AM
සරත් තමුන්ලා වගේ වලව්වෙ අසූචි කාපු අපතයෝ නිසා මේ රට ගොඩක් දුක් විඳිනවා.
කුකුල් චමින්ද Wednesday, 30 April 2025 10:19 AM
දශක හතක් තිස්සේ රටටම කෙලෙවෙච්ච අල්ලපනල්ලේ, සරත්ට හතර මහා නිධානෙ පහළවෙන්න ඇති, මයේ හිතේ. රටකාපු කාලකන්ණි තක්කඩින්ගෙ කටු ලෙවකාපු හැතිකරේ.
Lalla Wednesday, 30 April 2025 11:05 AM
ඇයි මහජනතාව සතු මුදලින් මේ අය නඩත්තුව කරන්නේ.ඔවුන් ජනපති වෙන කාලයේ තිබූ ජීවනෝපාය මාර්ගය තිබිය යුතු නේද?