IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති රට සවාරි වියදම් ගැන අගමැතිගෙන් හෙළිදරවුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010-  2014 දක්වා වසර හතරක  කාලයේදී රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (27) පැවසුවාය.

රාජ්‍ය නායකයෙකු විදේශ සංචාර සඳහා වැය  කළ වැඩිම මුදල එය බව පැවසූ අගමැතිවරිය  ඔහු විදේශ සංචාර සදහා   2013  වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 114 කට වැඩි මුදලක් වැය කර ඇති බවද  ප්‍රකාශ කළාය.

අමරසූරිය මෙනවිය මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව සහ   උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්  ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ  පිළිබඳ විවාදයේදීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල්  තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020-2022 කාලයේදී රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇති බවත්  ඇය ප්‍රකාශ කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023-2024 කාලයේදී රුපියල් කෝටි පනස් තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසු  අගමැතිවරිය ඔහු ගිය  සංචාර  තිස්තුනක් වෙනුවෙන්  154 දෙනකු සහභාගී කරවාගෙන ඇතැයිද  සඳහන් කළාය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024  සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා ගිය විදේශ සංචාර වෙනුවෙන් වැය කර ඇත්තේ රැපියල්  ලක්ෂ  18ක මුදලක් පමණක් බවද ඇය කීවාය.



අදහස් (5)

හිටපු ජනපති රට සවාරි වියදම් ගැන අගමැතිගෙන් හෙළිදරවුවක්

Nihal Thursday, 27 February 2025 04:40 PM

අන්තිම මොහොතේ ගත්තු තීරණය ගැන පවුලේ ඤාතීන් සියලුදෙනාම ඉතා සතුටට පත්වෙනවා. මේ රට මේ තත්වයට මාරුවෙන් අප ඡන්දය දීලා අපි විසින්ම කරගත්තු විනාශයක්. ඉහගෙනම කෑවා. අනේ අපේ දරුවෝ මන්ද පෝෂණය අතපය කෝටු කෑලි වගේ. ඇයි ආයේ රට සුඛිත මුදිත කරන්න ඡන්දය ඉල්ලන්නේ? කාපු රස මතක් වෙනකොට දුක දරාගන්න බැරුව...!

:       54       6

upul Attanayake Thursday, 27 February 2025 05:26 PM

කයිවාරු නැතිව ඔඩිට් වාර්තිවක් දාන්න.

:       10       47

karolis Thursday, 27 February 2025 05:27 PM

අධ්‍යාපනයට 6% කෝ?

:       9       39

Mideum Thursday, 27 February 2025 06:36 PM

ලක්ෂ 18 වියදම් කරලා තමයි අර උත්සවය මැද්දේ ශර්ට් ගලවාගෙන බොත්තම් දාගෙන විකාරයක් කරේ. ජනාධිපති සල්ලි ඉතුරු කළා කියලා වෙන්න ඕනෑ... වැඩේ හරියට වෙන්නේ නැත්තන්, ඒ ඉතුරු කිරීමට වඩා ලොකු හානියක් රටට වෙන්නේ... මොනවද මේ විහිළු වැඩ? රට ගිහිල්ලා මූණ පෙන්නන්න විතරක් නෙමේනේ යන්නේ. රටට මොනවා හරි ආධාරයක්, ආදායම් මාර්ග අරන් එන්න නේ යන්නේ. දැන් ඔය වියදම් වෙච්චි ගණන් එක්ක දාන්න අපි ලබාගත් සහනවල වටිනාකමත්. මොවුන් නම් අවුරුදු 5 ඉවර වෙනකන්ම අනිත් අයගේ කුණු අවුස්ස අවුස්සා ඉන්නවා මිසක් වැඩක් නම් කරන්නේ නෑ.

:       14       41

Rasika Thursday, 27 February 2025 06:42 PM

මෙහෙමයි ඇන්ටි, මහින්ද, සිරිසේන වියදම් කරලා වැඩියි. රනිල් නම් ගිය ගමන් වලින් රටට ලොකු වැඩක් වුණා. අනුර රට ගියාට වුණු වැඩේ මොකද්ද? ලක්ෂ 18 ගියාට බොත්තම් ටිකවත් හරියට දාගත්තද?

:       10       36

ඔබේ අදහස් එවන්න

දියත

විජිත, රජයේ දැක්ම මානව හිමිකම් කවුන්සිලයේදි කියයි
2025 පෙබරවාරි මස 27 29 0

ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිම


ජනපති රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හමු වෙයි
2025 පෙබරවාරි මස 27 165 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .


පද්මෙගේ බිරියගේ ගේ වීඩියෝ කළ දෙදෙනා රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 27 298 0

කෙහෙල්බද්දර පද්මේ නැමති අපරාධකල්ලි සාමාජිකයාගේ බිරියගේ නිවසේ රූපරාමු ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනා එළැඹෙන මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැය


උතුරු මැද හිටපු පරිවාස කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිට ඇප
2025 පෙබරවාරි මස 27 527 1

අධිකරණ නියෝගයකින් අනුරාධපුර ’යෙහෙළිය’ ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර ’අවන්තිදේවී’ ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත්


ජපන් වාහන පළමු තොගය හම්බන්තොටට
2025 පෙබරවාරි මස 27 976 3

වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.


පාස්කු ගෙවූ ඇති අයුරු කාදිනල් තුමන්ට පෙන්වන්න
2025 පෙබරවාරි මස 27 523 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 27 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 329 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 473 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site