(ගයාන් සූරිය ආරච්චි)
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන් ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු රාජකාරී විවේකයෙන් පසු නිවසට ගොස් කිරි පැකට්ටුවක් රැගෙන ඒම සඳහා නැවත නිට්ටඹුව නගරයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තිහාරිය, වාරණ පාර ප්‍රදේශයේදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇති බව පොලිසිය කියයි.
එහිදී දෙදෙනාගේම යතුරුපැදිවල පැති කන්නාඩි ගැටී සුළු හානි සිදුව තිබූ බවත් එහිදී ඇති වූ බහින්බස්වීමකින් පසු කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරී හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව පවසා ඇතැයි පොලිසිය පවසයි.
අනතුරුව දෙදෙනාම වීරගුල පොලිසිය වෙත යමින් සිටියදී නැවතත් බහින්බස්වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් බවට පත්වී ඇති අතර පසුව දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිසිය කියයි.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
බූන්දි Monday, 30 September 2024 09:00 AM
අපේ රට ගොඩගන්න එන දේශපාලනඥයන්ගේ සහ නීතිය ආරක්ෂාකිරීමට බැඳී ඇති පොලීසියේ සාමාන්‍ය වැඩ දිනයක සිදුවීමක්. අපි හැමෝම මේ වගේ දේවල් ආදර්ශයට අරගෙන ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕන.
Perera Monday, 30 September 2024 09:53 AM
ප්‍රශනයක් විසඳාගන්න ගුටි බැට හුවමාරු කරගන්නේ ප්‍රශ්න විසඳා ගන්න තරම් බුද්ධියක් නැති සතුන් හා සමාන අය