IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.

මේ අනුව මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ යන්නේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රසන්න රණතුංග , චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල සිරිපාල ගම්ලත් ගීතා කුමාරසිංහ ප්‍රදීප් උදුගොඩ, ඩීබී හේරත් ගුණතිලක රාජපක්ෂ විජිත බේරුගොඩ, ජගත් පුෂ්ප කුමාර, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයා ශාන් නවනන්දන, ලෝහන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ කරුණාදාස කොඩිතුවක්කු එම මැති ඇමතිවරු වෙති.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට තමා තීරණය ගත්තේ කාලයකට පෙර සිට බවත් හොරුන් සමග දේශපාලනය කිරීමට තමාට අප්පිරිය බවත් හිටපු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා පැවසුවේ අලුත් පිරිසකට ජනවරමක්දී ඇති හෙයින් ඒ අයගේ කටයුතු දෙස සද්භාවයෙන් බලා සිටීමට තීරණය කළ ඇති බවයි. අලුත් පිරිස හොඳ දෙයක් කරන්නේ නම් එහි ප්‍රතිඵලය අප සැමට බව දේශපාලන කුහකත්වයෙන් තොරව පිළිගත යුතු යැයිද ඔහු සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පැවසුවේ දේශපාලනය ගැන තමාට ලොකු කලකිරීමක් ඇති බවයි.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසූවේ ඉදිරි මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවූවත් මැතිවරණ කටයුතු සඳහා තමා රට වටා යන බවයි.

 



අදහස් (0)

හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 157 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 114 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 63 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site