IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති

(සුජිත් හේවාජුලිගේ)

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මේ පිරිසට හිටපු ජනාධිපතිවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන එම හිටපු ජනපතිවරු තිදෙනා වෙති.

මෙසේ තරඟ නොකිරීමට තීරණය කර ඇති පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල ෂාන් විජයලාල් ද සිල්වා, විමල් වීරවංශ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, , ආචාර්ය විජයදාස රාජපක්ෂ, විමල වීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න,ගාමිණී ලොකුගේ, , මහින්ද යාපා අබේවර්ධන , සී.වී විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ෂෙහාන් සේමසිංහ, එස්බී දිසානායක , කනක හේරත් යන මහත්වරු ඇතුළත් වෙති.

මේ අතර පසුගියදා විසුරුවා හැරි පාර්ලිමේන්තුවට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු කළ කරු ජයසූරිය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධාන ගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී තරුණ උගත් අයට අවස්ථාව ලබා දීමට තමා තීරණය කළ බවයි.

මේ අතර මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර නවක මුහුණු රැසක් දැක ගත හැකි වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති.

 



අදහස් (9)

හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති

jay Friday, 11 October 2024 07:51 AM

එක කතිරයයි තාම ගැහුවේ

:       0       14

රිතික් Friday, 11 October 2024 08:04 AM

පස්ස ගහනව කිව්වම මතක් වෙන්නෙම රනිල්ව

:       0       9

යෝගා Friday, 11 October 2024 08:20 AM

සමහරු ඉන්නේ වැල යන අත බලා මැස්ස ගහන්න.

:       0       11

priyanka Friday, 11 October 2024 08:21 AM

මේ ඔක්කොම හොඳම හොරු . දේශපාලනයෙන්ම සමු ගන්නවා නම් හොඳයි

:       0       15

jagath liyanage Friday, 11 October 2024 09:00 AM

කවුරු පත් උනත් හොරකම් නම් කරන්න ලෑස්ති වෙන්න එපා

:       0       17

achini Friday, 11 October 2024 09:00 AM

මහින්ද රාජපක්ෂගේ දේශපාලනය අවසන් කරවපු එකට මාලිමාවට පින් සිද්දවෙනවා

:       6       25

සෙනෙවිරත්න Friday, 11 October 2024 09:06 AM

උතුරෙ ජාතිවාදී දේශපාලඥයන් ඉවත්වුන පසු රටේ ජාතිවාදී ප්‍රශ්න ඉවරයි, උතුරෙත් දකුනෙත් සැමට සමාන , නීතිය සැමට සමානව සහ විනිවිද පෙනෙන පාලනයක් ජනගත උනහම 13,පලස් අරව මේව වැදගත් නැහැ.

:       0       24

අරවින්ද මොනරවිල Friday, 11 October 2024 09:13 AM

ආණ්ඩුවේ වාහන නැහැ .ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නැහැ, ආණ්ඩුවෙන් ආරක්ෂාව නැහැ, කුඩු කසිප්පු ගල් වැලි ජාවාරම් කරුවන් ආධාර කරන්නේ නැහැ. ඉතිං කොහොමද දෙවියනේ චන්දය කරන්නේ.

:       1       30

සනත් වීරකෝන් Friday, 11 October 2024 09:20 AM

උන්ටම උන්ම එපාවෙලා.

:       0       25

ඔබේ අදහස් එවන්න

දියත

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 242 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 278 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1245 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 3468 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1383 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1410 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39851 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25879 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site