IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්

(කේ බුද්ධික කුමාරසිරි)


තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන මහේෂ් වික්‍රම නමැත්තා ඔහුගේම මුහුණු පොත හරහා  අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරීම යන සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් යොමු කල බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

එම හිටපු මාධ්‍ය ලේකම්වරයා තමන් සමග සේවය කරමින් සිටියදී  තමාට අයත් ණය කාඩ් පතකින් මුදල් වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන්  මේ වන විට වන විට අධිකරණයේ නඩුවක් පවතින බවත්   හිටපු අමාත්‍යවරයා පැවසීය.

ඒමෙන්ම මහා මාර්ග අමාත්‍යවරයා ලෙස තමන් විසින්ම මග නැගුම ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරන ලද එම පුද්ගලයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට අධිකරණයේ නඩු කටයුත්තක්  පවතින අතරතුර මේ ආකාරයෙන් මුහුණු පොත හරහා  අපහාස උපහාස කිරීමත් තමාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරුන්ට මෙන්ම හිටපු ආරක්ෂක නිලධාරීන්ට ද දුරකථන මාර්ගයෙන් තර්ජනය කිරීමත් සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවද ගුණවර්ධන මහතා පැවසීය

නගන චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදි වනතුරු දේශපාලනය කිරීමට කැමැත්තක් නොමැති බවත් වැඩ කටයුතු විශාල කොටසක් සිදු කලත් මේ අයුරින් අපහාස උපහාස විඳිමින් දේශපාලනය නොකරන ලෙසත් දේශපාලනයෙන් ඉවත් වන ලෙස තම පවුලේ දූ දරුවන් විසින් දිගින් දිගටම බලපෑම් සිදු වන බැවින් එම පැමිණිල්ල පිළිබඳව හැකි ඉක්මනින් විමර්ශනයක් සිදුකරන නව රජයේ බලධාරීන්ට දැනුම් දෙන බවද හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

දියත

’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’
2024 ඔක්තෝබර් මස 01 20 0

මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා වි


රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 490 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 710 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 01 96 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන මහේෂ් වික්‍රම නමැත්තා ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථ


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 431 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 904 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site